සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 826

විමානිත

න. සුළුකොට සැළකීම, අවමානයෙන් සැළකීම. (පි. 476)

විමානෙති

ක්‍රි. (√ මාන, පූජායං, පිදීමෙහි +ණෙ+ති) අවමන් කෙරෙයි. (පි. 476)

විමුච්චති

ක්‍රි. (√ භු. මුව, මොචෙ, මිදීමෙහි +ති) (වි+මුව+ති) මිදෙයි. (පි. 476)

විමුච්චන

න. මොචනය, මිදීම, බැමිලිහීම. (පි. 476)

විමුත්ති

ති. මිදෙනලද, මොචනයකළ, ලිහන ලද.
ඉ. විමුක්තිය, බන්ධන මොචනය, නිවන, මාර්‍ගයෙන් පැමිණිය යුතු අර්‍හත් ඵලය. (පි. 476)

විමුත්තිඤාණ

න. ප්‍ර‍ත්‍යවෙක්ෂ ඥානය. (පි. 476)

විමුබ

පු. පරාම්මුඛය, ඉවත බැලීම. (පි. 476)

විමොක්ඛ

පු. විමොක්ෂය, මිදීම, නිවන. (පි. 476)

විමොඛ

පු. විමොක්ඛය, විමොක්ෂය. (පි. 476)

විමොචන

න. මිදීම, බන්ධනයෙන් මිදීම. (පි. 476)

විමොචෙති

ක්‍රි. (√ භු. මුව, මොචෙ, මිදීමෙහි +ණෙ+ති) මුදයි, මොචනය කරයි. (පි. 476)

විමොහිත

ති. රැවටූ, මුළාකළ. (පි. 476)

වියත්ත

ති. ව්‍යක්ත=පටු=දක්ෂ=නිපුණ. (පි. 476)

වියත්ති

ඉ. පැහැදිළිකම, වෙනස්කම. (පි. 476)

වියාකත

ති. ප්‍ර‍කාශකළ, ප්‍ර‍කටකළ. (පි. 476)

වියාකරණ

න. ව්‍යාකරණය, විවරණය, වියරණ. (පි. 476)

වියාපන්න

පු. විපතට පැමිණ, හානියට පැමිණි. (පි. 476)

වියාවත්ත

ති. විපරිවර්‍තතිත, පරිවර්‍තතනය වන ලද, (පි. 476)

වියොග

පු. වියොගය, විරාගය, වෙන්වීම, එනම් ශාඞ්ගාර භේදය. (පි. 476)

විරජ

පු. පහවූ රජස් ඇති, නිර්‍මල, පරිසුද්ධ. (පි. 476)

විරජ්ජති

ක්‍රි. (√ දි. රන්ජ, රාගෙ, ඇලීමෙහි +ති) නොඇලෙයි, නොරැඳෙයි. (පි. 476)

විරජ්ජන

න. නොඇලීම, නොරැඳීම. (පි. 476)

විරජ්ඣති

ක්‍රි. (√ දි. රධ, හිංසායං, හිංසාවෙහි +ති) වරදියි, වරද්දයි. (පි. 476)

විරජ්ඣන

න. වැරදවීම, වැරදීම. (පි. 476)