සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 827
විරත
ති. විරක්ත, නොඇලුණු. (පි. 476)
විරත්ත
පු. නොඇලුන, විරත, විරක්ත. (පි. 476)
විරති
ඉ. විරමණය, වැලකීම. (පි. 476)
විරද්ධ
පු. වරද්දනලද, වැරැද්දූ. (පි. 476)
විරමති
ක්රි. (√ භු. රමු, උපරමෙ, ඇලීමෙහි +ති) වෙන්වෙයි. (පි. 476)
විරමන
න. වෙන්වීම, වියොගය. (පි. 476)
විරල
ති. තුණීදෙය, ඝනනොවන දේ. (පි. 476)
විරහ
පු. වියොගය, ස්ත්රී පුරුෂයන්ගේ වියොගය. (පි. 476)
විරහිත
ති. රහිත, නැති. (පි. 476)
විරාග
පු. නොඇලීම, නිවන, ආර්ය්යමාර්ගය. (පි. 476)
විරාගී
පු. රාග රහිතයා, නොඇලෙන්නා. (පි. 476)
විරාජ
ති. බබලන, දිලිසෙන. (පි. 476)
විරාජති
ක්රි. (√ භු. රාජ, දිත්තියං, දීප්තියෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 476)
විරාජිත
ති. බබලනලද, දිලිසෙනලද. (පි. 476)
විරාජෙති
ක්රි. (√ භු. රාජ, දීත්තියං, දීප්තියෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 476)
විරාධිත
ති. වලකනලද, වරද්දනලද. (පි. 476)
විරාධෙති
ක්රි. (√ භු. රුධි, ආවරණෙ, වැලැක්මෙහි +ණෙ+ති) වලකයි, වරදයි. (පි. 476)
විරාම
පු. නැවැත්ම, නවතින තැන. (පි. 476)
විරාව
පු. හඬ, නාදය, ඝොෂාව. (පි. 476)
විරිච්චති
ක්රි. (√ දි. රිච, විරෙචනෙ, පාචනවීමෙහි +ති) විරෙචනය වෙයි, පාචනයවෙයි. (පි. 476)
විරිච්චන
න. විරෙචනය, පාචනය. (පි. 476)
විරිචි
පු. බ්රහ්මයා. (පි. 477)
විරිය
පු. ශක්තිය, බලය, ආනුභාවය. (පි. 477)
විරියඞ්ග
න. වීර්ය්යාඞ්ගය, වීර්ය්යයාගේ කොටස්. (පි. 477)