සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 828

විරුජ්ඣති

ක්‍රි. (√ දි. රුධි, ආවරණෙ, ඇවිරීමෙහි +ති) විරුද්ධවෙයි. (පි. 477)

විරුජ්ඣන

න. විරුද්ධවීම, පටහැනිවීම. (පි. 477)

විරුත

පු. මෘගාදීන්ගේ හඬ, මෘගාදී නාදය. (පි. 477)

විරුද්ධ

ති. වැරදි, සදොස්. (පි. 477)

විරුද්ධ ගභකරණ

න. නස්නා ගැබ නොනස්නා පිණිස බෙහෙත් දීම. (පි. 477)

විරූප

න. අවලක්ෂණ රූපය, කැතරූපය. (පි. 477)

විරූපක්ඛ

පු. නාගාධිපති එනම් වරම්රජ, නාගකොටසක්, විෂ්ණු දෙව්රද, ඊශ්වරයා. (පි. 477)

විරූහති

ක්‍රි. (√ භු. රුහ, ජම්මනි, ඉපදීමෙහි +ති) වැඩෙයි, වර්‍ධනයවෙයි. (පි. 477)

විරූළ්හ

ති. වැඩීම, උසස්වීම. (පි. 477)

විරූළ්හක

පු. කුම්භණ්ඩාධිපති, එනම් වරම් රජ, නාගකොටසක්. (පි. 477)

විරෙක

පු. විරෙචනය, අධොවිරෙචනය. (පි. 477)

විරෙචන

න. විරෙචනය, පාචනය. (පි. 477)

විරොචති

ක්‍රි. (√ භු. රුව, දිත්තියං, දීප්තියෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 477)

විරොචන

න. බැබලීම, බබලන. (පි. 477)

විරොධ

පු. වෛරය, ද්වේෂය. (පි. 477)

විරොධන

න. වෛරකිරීම. (පි. 477)

විරොධි

පු. විරොධ ඇත්තා, සතුරා, අමිත්‍ර‍යා. (පි. 477)

විරොධිත

පු. විරොධය. (පි. 477)

විරොධොත්ති

ඉ. විරුද්ධ වචනය, විරුද්ධකීම. (පි. 477)

විලක්ඛණ

න. අවලක්ෂණය, විරූපය. (පි. 477)

විලඞ්ග

පු. බිලඞ්ග, කාඩි, ඇඹුල්දිය. (පි. 477)

විලඞ්ඝක

පු. අත් පා ආදියෙන් සලකුණු හඟවන්නා. (පි. 477)

විලපති

ක්‍රි. (√ භු. ලප, වියත්තියං, වාචායං, වියත් වචනයෙහි +ති) විලාපකියයි, වැලපීම කරයි. (පි. 477)

විලපන

න. විලාපකීම. (පි. 477)