සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 869

සද්දුල

පු. ශාදූර්ල, දිවියා, කොටියා. (පි. 497)

සද්දූ

√ භු. සොසනෙ, වියලීමෙහි, නිල්වීමෙහි. (පි. 497)

සද්ධ

න. මතක බත, මළවුන් පිණිස දෙනබත.
ති. ශ්‍රද්ධාසහිතයා, ඇදහීම ඇත්තා. (පි. 498)

සද්ධං

අ. අනුකූලත්වයෙහි, අනුකූලබැව්හි. (පි. 498)

සද්ධම්ම

පු. සද්ධර්‍මය, සත්පුරුෂ ධර්‍මය, බුද්ධ ධර්‍මය. (පි. 498)

සද්ධා

ඉ. ශ්‍රද්ධාව, තුනුරුවන් කෙරෙහි ඇදහිල්ල. (පි. 498)

සද්ධානුසාරී

පු. එනම් පුද්ගලයා. (පි. 498)

සද්ධාබල

න. ශ්‍රද්ධාබලය. (පි. 498)

සද්ධායික

පු. ඇදහීම ඇති. (පි. 498)

සද්ධායිත

ති. ඇදහීම කළ හැකි. (පි. 498)

සද්ධාලූ

පු. ශ්‍රද්ධාබහුලයා. (පි. 498)

සද්ධාවිමුත්ති

ඉ. ශ්‍රද්ධා විමුක්තිය. (පි. 498)

සද්ධින්ද්‍රිය

න. ශ්‍රද්ධෙන්ද්‍රියය. (පි. 498)

සද්ධිවිහාරික

පු. සමග හැසිරෙන්නා, සමග යන්නා. (පි. 498)

සද්ධෙය්‍ය

ති. ඇදහිය යුතු, විස්වාශකටයුතු. (පි. 498)

සදා

අ. සත්තයෙහි, සැමකල්හි. (පි. 498)

සදාගති

ඉ. සුළඟ, වාතය. (පි. 498)

සදාතන

ඉ. නොනස්නා දෙය, විනාශ නොවන දෙය. (පි. 498)

සදාරතුට්ඨි

පු. ස්වදාරාසන්තෝෂය, සියබිරින්ද හා සතුටුවීම. (පි. 498)

සදිස

ති. සමාන, සදෘශ, වැනි, වාගෙ. (පි. 498)

සදිසත්ත

ති. සදෘශබව, සමානභාවය. (පි. 498)

සදුව

පු. න. ගෙය, ගෘහය. (පි. 498)

සදෙවක

පු. දෙවියන් සහිත. (පි. 498)

සදෙස

පු. ස්වකීය දේශය, සමීපය. (පි. 498)