සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 870

සධ

√ චු. තොසෙ, සතුටෙහි, සධෙති සධයති, සතුටුවෙයි. (පි. 498)

සනං

අ. සතතයෙහි, නිතර. (පි. 501)

සනති

√ භු. සෙවනෙ, සේවය කිරීමෙහි සනති, සේවය කරයි.
ක්‍රි. (√ භු. සනති, සෙවනෙ, සෙවනය කිරීමෙහි +ති) සේවනය කරයි, “සනතෙව බ්‍ර‍හාරඤ්ඤං” (පි. 501)

සනන්තන

පු. නොනස්නාදෙය, පුරාණදෙය. (පි. 501)

සන්ත

√ චු. අනුකූලෙ, අනුකූලක්‍රියායෙහි සන්තෙති, සන්තයති, අනුකූල ක්‍රියාකරයි.
√ චු. සන්තෙ, සංසිඳීමෙහි, සන්තෙති සන්තයති, සංසිඳෙයි.
පු. නාට්‍යරසය.
ති. ශාන්ත, සුසීල.
න. නිවන.
ති. පූජ්‍ය, විද්‍යමාන, පසස්නාලද සත්‍යය, සත්පුරුෂ ශාන්ත. (පි. 498)

සන්තක

ති. අයිති, අයත්.
න. දේපොල, වස්තුව. (පි. 498)

සන්තකද්දු

පු. පියාගස, පියල්ගස. (පි. 500)

සන්තජ්ජෙති

ක්‍රි. (√ චු. සන්ත, සන්තජ්ජනෙ, තැතිගැන්වීමෙහි +ණෙ+ති) තර්‍ජනය කරයි. (පි. 498)

සන්තත

න. නිරන්තරය. (පි. 498)

සන්තත්ත

ති. තවනලද, රත්කළ දෙය, බියගැන්වූ, අවුල් කළ. (පි. 498)

සන්තති

ඉ. වංශය, පරම්පරාව. (පි. 498)

සන්තප්පති

ක්‍රි. (√ භු. තප්ප, තප්පනෙ, තැවීමෙහි +ති) තවයි.
ක්‍රි. √ භු. තප්ප, සන්තප්පෙ, සන්තර්පණය, සන්තර්පණය කරයි, තෘප්තියට පැමිණෙයි.
ක්‍රි. (√ භු. තප, තපනෙ, තැවීමෙහි +ති) තවයි, රත්කරයි. (පි. 498)

සන්තප්පන

න. සන්තර්පණය, තෘප්තියට පැමිණීම, සෑහීමටයාම. (පි. 498)

සන්තරමාන

පු. ඉක්මන, ඉක්මන්ගමන. (පි. 498)

සන්තවා

ඉ. පොත්ත. (පි. 498)

සන්තස්සති

ක්‍රි. සතුටුවෙයි, සන්තෝෂවෙයි. (පි. 498)

සන්තාන

පු. කප්රුක, වංශය, ප්‍ර‍බන්ධය, අභ්‍යන්තරය. (පි. 498)

සන්තානක

පු. පුත්‍ර‍යා, පුතා, “පුත්තෙ සන්තානකෙ බ්‍රෑමි.” (පි. 498)

සන්තාප

පු. තැවීම, උණුසුම් කිරීම. (පි. 498)

සන්තාරණ

න. එතර කිරීම, එගොඩ කිරීම. පරතෙරට යාම. (පි. 498)

සන්තාස

පු. සන්ත්‍රාසය, තැතිගැනීම. (පි. 498)

සන්තාසනිය

පු. තැතිගැන්මට සුදුසු. (පි. 498)

සන්ති

ක්‍රි. වෙත්.
ඉ. නිර්‍වාණය, කල්‍යාණය, සන්සිඳීම. (පි. 498)

සන්තික

ති. සමීපය, ළඟ. (පි. 499)