සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 871
සන්තිකට්ඨ
ති. සමීපය. (පි. 499)
සන්තිකම්ම
න. ශාන්තිකර්මය, දෙවියන්ට ආර බාරවීම. (පි. 499)
සන්තිට්ඨති
ක්‍රි. සිටියි, පිහිටයි. (පි. 499)
සන්තිපද
න. සාන්තපදය, නිවන. (පි. 499)
සන්තුට්ඨ
පු. සතුට, සන්තෝෂය. (පි. 499)
සන්තුට්ඨි
ඉ. සන්තෝෂය, සතුටු ඇති. (පි. 499)
සන්තුස්සන
න. සතුටුවීම. (පි. 499)
සන්තුස්සිත
පු. සතුටුවන ලද, තුටුවනලද. (පි. 499)
සන්තුසිත
පු. සන්තෝෂය, එනම් දෙව්ලොව. (පි. 499)
සන්තොස
පු. සතුට, ප්‍රීතිය. (පි. 499)
සන්ථ
√ චු. ගන්ථනෙ, ගෙතීමෙහි, සන්තෙති, සන්තයති, ගොතයි. (පි. 499)
සන්ථත
න. අතුල, අතුරණ ලද (පි. 499)
සන්ථම්භන
න. තැති ගැනීම. (පි. 499)
සන්ථරණ
න. ඇතිරීම, වස්ත්‍රාදිය ආස්තරණය කිරීම. (පි. 499)
සන්ථව
පු. පුරුද්ද, එකට වාසය, මෙවුම්දම. (පි. 499)
සන්ථාගාර
න. රාජ්යානුශාසනාකරණ මන්දිරය ආවාසය. (පි. 499)
සන්ථාන
න. සලකුණ, ලකුණ. (පි. 499)
සන්ථාර
පු. ඇතිරීම, පැතිරවීම, ආමිස සන්ථාර (පි. 499)
සන්ථාරක
න. වැස්ම, ආවරණය. (පි. 499)
සන්ථුත
ති. ආශ්රිත, පළපුරුදු. (පි. 499)
සන්ද
ති. අතර නැති දෙය, ඝනදෙය. (පි. 499)
සන්දච්ඡායා
ඉ. සාන්ද්රච්ඡායව, ඝනසෙවන. (පි. 499)
සන්දති
ක්‍රි. (√ භු. සන්ද, පසවනෙ, ගැලීමෙහි +ති) දියදහරා ගලා බසී. (පි. 499)
සන්දන
න. රථය, ස්පන්දන. (පි. 499)