සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 872

සන්දමාතික

පු. රථාචාර්‍ය්‍යයා, රියදුරා. (පි. 499)

සන්දස්සක

පු. කරුණු දක්වන්නා. (පි. 499)

සන්දස්සන

න. දැක්වීම, කරුණු දැක්වීම. (පි. 499)

සන්දහති

ක්‍රි. (√ භු. සන්ද, පසවනෙ, ගැලීමෙහි +ති) එකට එකතු කරයි. (පි. 499)

සන්දහන

න. තැබීම, ගැල්වීම. (පි. 499)

සන්දාතිත

ති. බඳනා ලද දෙය. (පි. 499)

සන්දාන

න. දම, යොත, රෑන. (පි. 499)

සන්දාලන

න. කැඩීම, සිඳීම. (පි. 499)

සන්දාලෙති

ක්‍රි. (√ භු. දාල, විසාරණෙ, පළල් කිරීමෙහි +ණෙ+ති) කඩයි, බිඳියි. (පි. 499)

සන්දාව

පු. පලායාම, පැනයාම. (පි. 499)

සන්දිට්ඨ

පු. දුෂ්ට මිත්‍ර‍යා, දිටුමිත්, දිටු පමණ වූ මිත්‍ර‍යා. (පි. 499)

සන්දිට්ඨි

ඉ. ස්වකීය දෘෂ්ටිය, ස්වකීයලබ්ධිය. (පි. 499)

සන්දිට්ඨික

පු. මෙලොව ලබනලද ඵලය, තමා විසින්ම දැක්ක යුත්ත. (පි. 499)

සන්දිට්ඨිපරාමාසී

පු. ස්වකීය ලබ්ධිය පරාමර්‍ශනය කොට ගත් තැනැත්තා, ස්වකීය ලබ්ධිය ස්ථිරව ගත්තහු. (පි. 499)

සන්දිද්ධ

ති. තැවරූ, ගෑ. (පි. 499)

සන්දු

√ භු. පස්සවනෙ, වහනය වීමෙහි, සන්දති, වහනය වෙයි. (පි. 499)

සන්දෙස

පු. සංදේශය, උතුමන්ට යවන ලිපි පනිවිඩ. (පි. 499)

සන්දෙසහර

පු. සන්දේශ ගෙනයන්නා, දූතය (පි. 499)

සන්දෙසොත්ති

ඉ. සන්දේශ වචනය. (පි. 499)

සන්දෙහ

පු. විචිකිච්ඡාව, සැකය. (පි. 499)

සන්දොස

න. අපවිත්‍ර‍ කිරීම, දූෂ්‍ය කිරීම. (පි. 499)

සන්දොහ

පු. සමූහය. (පි. 499)

සන්ධන

න. ස්වකීය ධනය, තමාගේ ධනය. (පි. 499)

සන්ධවති

ක්‍රි. (√ භු. ධම, සද්දෙ, ශබ්ද කිරීමෙහි +ති) පිඹියි. (පි. 499)