සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 873
සන්ධවන
න. තැවීම, රත් කිරීම, (පි. 499)
සන්ධාන
න. මිත්රකම, එකඟකම. (පි. 499)
සන්ධාපන
න. මිශ්ර කිරීම, එකට එකතු කිරීම. (පි. 499)
සන්ධාය
අ. සඳහා, නිසා. (පි. 499)
සන්ධාරක
පු. දරන්නා, උසුලන්නා. (පි. 499)
සන්ධාරණ
න. දැරීම, ඉසිලීම. (පි. 499)
සන්ධාවති
ක්රි. (√ භු. ධාවු, ගතියං, යෑමෙහි +ති) දුවයි, ධාවනය කරයි. (පි. 499)
සන්ධාවන
න. දිවීම, ධාවනය. (පි. 499)
සන්ධි
පු. සම්මුඛය, සන්නිධානය, රැස් කර ගැන්ම.
ඉ. ඝටනය, දෙකක් එකාබද්ධ කොට ගැළපීම, ගෘහසන්ධිය, ප්රතිසන්ධිය, පිළිසිඳ ගැනීම. (පි. 500)
සන්ධික
පු. ගෘහ සන්ධිවල ගැවසෙන්නා. (පි. 500)
සන්ධිච්ඡෙද
පු. සන්ධි සිඳින්නා, ගෘහසන්ධී සිඳින්නා, ගෙවල් උමං බිඳින්නා. (පි. 500)
සන්ධිභෙද
පු. ගෘහ සන්ධි බිඳින්නා, ගෙවල් බිඳින්නා. (පි. 500)
සන්ධිමුඛ
න. බිත්ති බිඳ ගෙවල්වලට ඇතුළු වීමේ විවරය. (පි. 500)
සන්ධුනන
න. සෙලවීම, කම්පාවීම; (පි. 500)
සන්ධුනාති
ක්රි. (√ කි. ධු කම්පනෙ, සැලීමෙහි +ති) කම්පා වෙයි, සැලෙයි. (පි. 500)
සන්ධොක
පු. ධොවනය කළ, සෝදන ලද. (පි. 500)
සන්ධොවති
ක්රි. (√ භු. ධොවු, ධොවනෙ, සේදීමෙහි +ති) සෝදයි, ධොවනය කරයි. (පි. 500)
සන්නද්ධ
ති. සන්නාහසන්නද්ධයා, සැරසුණු. (පි. 500)
සන්නහස
පු. සන්නිවෙසය. (පි. 500)
සන්න්යාස
පු. සන්නිවෙසය. (පි. 500)
සන්නාහ
පු. කවචය, සැට්ටය. (පි. 500)
සන්නික්ඛෙපන
න. බැහැර කිරීම, අහක් කිරීම. (පි. 500)
සන්නිකාස
ති. සදෘශ, සමාන. (පි. 500)
සන්නිග්ගණ්හාති
ක්රි. (√ භු. ගහ, උපාදානෙ, ගැනීමෙහි +ති) වළක්වයි. (පි. 500)