සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 875

සන්නිස්සිත

ති. ආශ්‍ර‍ය කළ. (පි. 500)

සන්නිසින්න

පු. රැස්වහුන්, එකතුවී සිටිය. (පි. 500)

සන්නිසීදන

න. හිඳීම, ඉඳගැන්ම. (පි. 500)

සන්නිසීදිති

ක්‍රි. (√ භු. සද, ගතියං, යෑමෙහි +ති) හිඳී, ඉඳී. (පි. 500)

සන්නිහරෙති

ක්‍රි. වලක්වයි, වලකයි. (පි. 500)

සන්නිහිත

ති. තැන්පත් කළ, බහා තැබූ. (පි. 500)

සන්නීත

ති. මිශ්‍ර‍කළ, එකට එකතු කළ. (පි. 500)

සන්නෙති

ක්‍රි. (√ භු. නී. නයෙ, පැමිණවීමෙහි +ණෙ+ති) මිශ්‍ර‍ කරයි. (පි. 500)

සනිකං

අ. අතිශීඝ්‍රාර්ථයෙහි සෙමින් යනාර්ථයෙහි. (පි. 501)

සනිත

ති. ධ්වනි යුක්ත වස්තු. (පි. 501)

සනු

√ න. දානෙ, දීමෙහි, සනොති, දෙයි. (පි. 501)

සප

√ භු. සාමග්ගියෙ, සාමාග්‍රියෙහි, සපති, සමගිවෙයි.
√ භු. අක්කොසෙ, අක්‍රොශයෙහි, සපති, බණියි. (පි. 501)

සපච

පු. චණ්ඩාලයා, සැඩොලා. (පි. 501)

සපජාපතික

ති. ඉන්ද්‍ර‍යා සහිත. (පි. 501)

සපටි

ඉ. පෙටියායයි ප්‍ර‍සිද්ධ මාලුවා. (පි. 501)

සපත්ත

පු. සතුරා, විරුද්ධකාරයා. (පි. 501)

සපත්තභාර

න. පියාපත් සහිත බර, (පි. 501)

සපත්ති

ඉ. විරුද්ධකාරී, සැතිරි.
පු. සමානපතියා, ස්ත්‍රීන් කීපදෙනෙකුට සමාන අයිති ඇති පුරුෂයා. (පි. 501)

සපතිකා

ඉ. ස්වාමියෙක් සහිත ස්ත්‍රිය. (පි. 501)

සපතී

ඉ. තරඟකාරී බිරිඳ, සමාන පතියෙකු ඇති ස්ත්‍රිය. (පි. 501)

සපථ

පු. දිවිරීම, සාපකිරීම. (පි. 501)

සපදානචාර

පු. ගෙපිළිවෙළින් හැසිරීම. (පි. 501)

සපදානන

න. පිළිවෙළ, පටිපාටිය, පිළිවෙළින් ගමනය. (පි. 501)

සපදි

අ. එකණෙහි, එකක්ෂණයෙහි. (පි. 501)