සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 932

සුට්ඪුතා

ඉ. මනාබව. (පි. 528)

සුඨ

√ භු. ගමනාවරණෙ, ගමන්වැලක් මෙහි, සොඨති, ගමන් වලකී. (පි. 528)

සුඨි

√ භු. සුක්කෙ, වියලීමෙහි, සුණ්ඨති, වියලයි.
√ චු. සොකෙ, වියලිමෙහි, සුණ්ඨති, සුණ්ඨයති, වියලෙයි, වේලෙයි. (පි. 528)

සුඨු

√ චු. ආලස්‍යෙ, අලස බැව්හි, සොඨෙති, සොඨයති. අලස වෙයි. (පි. 528)

සුණ

√ භු. වජ්ජනෙ, පහ කිරීමෙහි, සුණති, පහ කරයි.
පු. සුනඛයා, බල්ලා. (පි. 528)

සුණන

න. ශ්‍ර‍වණය, ඇසීම. (පි. 528)

සුණ්ඨි

ඉ. වියලි ඉඟුරු. (පි. 528)

සුණ්හා

ඉ. යෙහෙලී, ලේලි. (පි. 528)

සුණිසා

ඉ. යෙහෙලි, ලේලි. (පි. 528)

සුත

පු. පුත්‍ර‍යා, දරුවා.
න. ශ්‍රොත්‍ර‍ විඥෙය වූ ශබ්දය, ශාස්ත්‍ර‍ය, අසන ලද.
ති. ගමන, ප්‍ර‍සිද්ධ, නිශ්චිත, උපචිත, අනුයොග තෙත් දෙය. (පි. 528)

සුතමඞ්ගල

න. අසන ලද්ද මංගල යයි ගැනීම. (පි. 528)

සුතහීන

පු. බිහිරා, බධිරයා, බීරා. (පි. 528)

සුත්ත

ති. නිද්‍රොපගතයා, නිදාගැන්මට පැමිණියා.
√ චු. මොචනෙ, මිදීමෙහි, සුත්තෙති සුත්තයති, මිදෙයි.
න. ජිනවචනය, සිද්ධාන්තය, හුය, වියරණෙහි ප්‍ර‍කාශිත සූත්‍ර‍ය, නාවාඞ්ග ශාස්තෘ ශාසනයෙන් එකක් වූ සූතාඞ්ග ධර්‍මය. (පි. 528)

සුත්තක

පු. නූල, කෙන්ද, පටිය, තන්ත්‍රිය, වැල. (පි. 528)

සුත්තකාර

පු. රෙදි වියන්නා, පෙහෙකරුවා. (පි. 528)

සුත්තගුල

න. නූල් බෝලය. (පි. 528)

සුත්තජාල

පු. නූල් දැල, මදුරු දැල. (පි. 528)

සුත්තන්ත

පු. සූත්‍රාන්තය, සූත්‍ර‍පිටකය, බුද්ධ වචනය. (පි. 528)

සුත්තන්තික

පු. සූත්‍ර‍ හදාරන්නා, සූත්‍ර‍පිටකය හදාරන තැනැත්තා. (පි. 528)

සුත්තප්පබුද්ධ

පු. නිදා පිබිදී තැනැත්තා. (පි. 528)

සුත්තභික්ඛා

ඉ. නූල් සිඟමනේ යෑම. (පි. 528)

සුත්තමය

ති. නූල්වලින් තැනූ. (පි. 528)

සුත්තරජ්ජුක

නූල් පට. (පි. 528)

සුත්තලූඛ

පු. ඝනව වියූ (රෙදි) (පි. 528)