සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 933

සුත්තවාද

පු. සර්‍වාස්තිවාදී කොටසක්. (පි. 528)

සුත්තවිහඞ්ග

පු. විනය පිටකය. (පි. 528)

සුත්තවෙඨන

න. පිලි වියන හරස් දණ්ඩ. (පි. 528)

සුත්ති

ඉ. බෙල්ලා, සිප්පි බෙල්ලා (පි. 528)

සුත්ථා

අ. අසා, ශ්‍ර‍වණය කොට. (පි. 528)

සුති

ඉ. ශබ්දය, වේදය, වැහීම. (පි. 528)

සුථ

√ භු. පීඩායං, පීඩාවෙහි, සොථති, පීඩා කරයි. (පි. 528)

සුදං

අ. පද පූරණයෙහි යෙදෙන නිපාතයකි. (පි. 528)

සුදත්ත

පු. එනම් තැනැත්තා, අනේපිඬු සිටුතුමා. (පි. 528)

සුදන්ත

පු. මනාකොට දැමුනු. (පි. 528)

සුදස්සන

න. මනා දර්‍ශනය, දර්‍ශනීය වස්තු.
පු. එනම් කූට පර්‍වතය, හිමවත්හි සුදර්‍ශන නම් පර්‍වත කූටය. (පි. 528)

සුද්ද

පු. ශුද්‍ර‍යා, අන්තවර්‍ණයා, නීචයා. (පි. 529)

සුද්ධ

ති. පිරිසිදු, අමිශ්‍ර‍. (පි. 529)

සුද්ධත්ත

පු. රජහුගේ අන්තඃපුරය, රාජඔරොධය. (පි. 529)

සුද්ධන්තපරිවාස

පු. භික්ෂූන්ට නියම විනය ක්‍ර‍මයක්. (පි. 529)

සුද්ධපීති

ඉ. සුද්ධාවාසයන්හි ඇති ප්‍රීතිය. (පි. 529)

සුද්ධබුද්ධි

ඉ. කෙලෙසුන්ගෙන් වෙන්වූ බුද්ධිය. (පි. 529)

සුද්ධසංඛාරපුඤ්ජ

පු. හුදු සංස්කාර රාශිය. (පි. 529)

සුද්ධාජීව

පු. පිරිසිදු ආජීවය, ශික්ෂාපද නොඉක්මවා දැහැමින් ජීවත් වීම. (පි. 529)

සුද්ධාවාස

පු. පඤ්ච සුද්ධාවාසය, අවිහය, අතප්පය, සුදස්සිය, සුදස්සීය, අකනිට්ඨක යන අනාගාමී පුද්ගලයන් උපදින තැන්. (පි. 529)

සුද්ධි

ඉ. ශුද්ධිය, පාරිශුද්ධිය. (පි. 529)

සුද්ධික

ති. පවිත්‍රත්වය පිළිබඳ, පිරිසිදුකම පිළිබඳ. (පි. 529)

සුද්ධිකපටිපදා

ඉ. පව් වලින් පිරිසිදුවීමේ ප්‍ර‍තිපදාව. (පි. 529)

සුද්ධිමග්ග

පු. පිරිසිදු මාර්‍ගය, විසුද්ධි මාර්‍ගය. (පි. 529)