සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1018
පසුවස්
නා.ප්ර. (විනය.) උපසපන් භික්ෂූන් විසින් නිකිණි අවපෑළවිය දින එළඹෙන වස ; පෙරවස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් විසින් එළඹිය යුතු වස.
පසේ
වි. වෙන වෙන ම ස්වෛරී ; ස්වෝත්සාහී ; ප්රත්යෙක.
පසේ බුදු
නා.ප්ර. අනිකකුගේ මඟ පෙන්වීමක් නොමැති ව චතුරාර්ය සත්යය අවබෝධ කළ ද අන්යයනට එය අවබෝධ කරවීමෙහි සමත් නැති බුදුරජාණන් වහන්සේ.
පහ
1. නා.ප්ර. එනම් සංඛ්යාව ; පස.
2. පැහැය ; වර්ණය ; දීප්තිය ; ප්රභාව.
3. පහය ; ප්රසාදය.
4. පහස ; ස්පර්ශය.
වි. තොර ; අපගත ; ඉවත්.
පහ කරනවා
ක්රි. ඉවත් කරනවා ; – බැහැර කරනවා.
පහට
වි. පහර ලැබූ ; පීඩිත.
පහටිය
නා. (ගෙඩි අල වර්ග ආදියෙහි) පහළ කොටස ; (සතුන්ගේ ශරීරයේ) පසුභාගය ; අධෝභාගය.
පහටු
වි. ඉතා සතුටු ; අතිශයින් ම සතුටට පත්.
නා.ප්ර. බලවත් සතුට ; අතිශය සන්තෝෂය.
පහඩ කෙළිය
නා. පුරාණයේ පැවති සූදු ක්රීඩා විශේෂයක්.
පහඩමුනේ
නා.ප්ර. පැදුරු රටාවක් ; කිරිබත් රටාව.
පහඩේ
නා. පැරණි සැරසිලි චිත්ර මෝස්තරයක්.
පහණ
1. නා. පාෂාණය ; ගල.
2. ගල්කැටය.
පහණමය
වි. ගලින් කරන ලද ; ගලින් නිමැවූ ; සෙල්මුවා ; ශෛලමය ; පාෂාණමය.
පහත කට්ටුව
නා. උඩරටින් බාහිර ප්රදේශය.
පහත රට
නා. උඩරටින් බාහිර වූ ප්රදේශය ; අඩි 1,000ට වඩා උසින් අඩු ප්රදේශය.
පහද
නා.ප්ර. පැහැදීම ; ප්රසාදය.
පහදනවා
1. ක්රි. පැහැදීමට පත් කරනවා, ප්රසාදය ඇති කරනවා.
2. පැහැදිලි කරනවා ; මැනවින් අවබෝධ කරනවා.
පහන
1. නා. ප්රදීපය ; දීපය ; ලාම්පුව.
2. එළිය ; ආලෝකය ; ප්රභාව.
3. පහන් වූ කාලය වන උදය.
4. පහනේ වැටිය.
5. නැසීම ; දුරුකිරීම.
පහන්
1. වි. සතුටු ; ප්රීතිමත් ; ප්රසන්න ; පැහැදුණු.
2. පිරිසිදු ; පැහැදිලි.
1. නා.ප්ර. ප්රදීපය ; පාන.
2. උදය ; ප්රභාතය.
3. ආලෝකය.
4. නැසීම; දුරුකිරීම.
පහන් අනුකූලනය
(පාරිභා.) නා. විදුලි පහනක ආලෝකය වෙනත් විදුලි පහනකට හැරවීම පිණිස පළමු පහනට සවි කරන අතිරේක කොටස ; පහන් අනුහුරුකුරුව.
පහන් අවුරුව
(පාරිභා.) නා. පහනක ආලෝකය විසිර යා නොදී එක් දෙසකට පමණක් යොමු කිරීමට සවි කරන ආවරණය.
පහන් ඇගෑ
නා.ප්ර. තොරණක ආකාරයට දල්වන ලද පහන් සමූහය ; පහන් දල්වා විසිතුරු කළ තොරණ.
පහන් කණුව
නා. මුදුනේ පහනක් සවි කළ උස කණුව ; පාන් කණුව ; ප්රදීපස්ථම්භය.
පහන් කාඩි
නා.ප්ර. තෙලෙන් දල්වන පහනක අඩියේ ඉතිරි වන තෙල් මණ්ඩි ; තෙල් බොර.