සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1017
පසු ගැසුම් ගියරය
(පාරිභා.) නා. රෝදය ආපසු කරකැවෙන්නට සලස්වන ගියරය.
පසු ගැසෙනවා
ක්‍රි. ප්‍රමාද වෙනවා ; පරක්කු වෙනවා.
පසු තලය
නා. යමකට පසුබිම් වන දෙය ; යමක පැවැත්මට ආධාර වන දෙය.
පසු දර්ශය
(පාරිභා.) නා. යම්කිසි වර්ගයකගේ ප්රභවස්ථානයෙන් ගත් ආදර්ශය ; ප්රතිදර්ශය.
පසු බසිනවා
ක්‍රි. පරාජය වී පස්සට යනවා ; අධෛර්යවත් වෙනවා ; දුබල වෙනවා.
පසු මොළය
(පාරිභා.) නා. මස්තිෂ්කයේ පශ්චාද් භාගය ; මොළයේ පසු පස කොටස.
පසු ව
ක්‍රි.වි. පසු කාලයෙහි ; පස්සේ ; දෙවනු ව.
පසු වයස
නා. පසු කාලය ; පශ්චිම වයස ; මහලු විය.
පසු සටහන
නා. ලිපියක අත්සන යෙදුවාට පසු ව යටින් දක්වන විශේෂ සටහන ; අධෝලිපිය.
පසුගමන
නා. ආපසු යන ගමනේ දී අමුත්තාට ගෞරවය පිණිස පසුපසින් මඳ දුරක් යෑම ; ඇරලීමට යන ගමන.
පසුත
නා.ප්‍ර. දරුවන් වැදීම; ප්‍රසූතිය.
පසුතැවිල්ල
නා. කළ යුත්තක් නොකිරීම නිසා හෝ නොකළ යුත්තක් කිරීම නිසා හෝ සිත තුළ ඇතිවන කනස්සලු ගතිය ; පශ්චාත්තාපය.
පසුතුරු
නා.ප්‍ර.බහු. පෙරළා දෙන උත්තරය ; පිළිතුර.
වි. බටහිර, උතුර යන දෙදිග අතර පිහිටි ; වයඹ දිශාවට අයත්.
පසුන්
1. වි. විනාශ කළ; නැසූ; දුරු කළ.
2. විසඳන ලද ; විනිශ්චය කළ.
3. (ආහාර ආදි අවශ්‍යතා) සැපයූ ; සම්පාදනය කළ.
පසුපති
නා.ප්‍ර. ඊශ්වර දෙවි.
පසුපද
(පාරිභා.) නා.ප්‍ර. 1. පූර්ව සංඛ්‍යාවට අනතුරුව එන සංඛ්‍යාව ; දෙවැනි සංඛ්‍යාව.
2. අනුපාතයක දෙවැනි සංඛ්‍යාව.
පසුපස
නා.ප්‍ර. පස්සා පැත්ත ; පසු දෙස ; පශ්චිම පාර්ශ්වය.
පසුබට
වි. ඉදිරියෙන් නොවන ගති ඇති ; පස්සට ගිය ; දුර්වල ; අධෛර්යවත් වූ
පසුබත
නා. දිවා ආහාරයෙන් පසු කාලය
පසුබිම
1. නා. පසුපස භූමිය ; පසුතලය.
2. මුල් වූ පරිසරය ; අඩිතාලම ; පදනම.
3. (පාරිභා.) වෙරළින් හෝ වරායකින් හෝ පිටත පිහිටි භූමිය.
පසුම්බිය
නා. බඩු දමන උරය ; මල්ල ; ඔලගුව ; කොක්කනේ.
පසුර
1. නා.ප්‍ර. ජලයාත්‍රා විශේෂයක් ; පහුර ; ඔරුව ; පාරුව.
2. නියපෙළ ; නිය පඳුර.
3. ඇතැම් වැල්වලට යමක එල්ලීමට නොහොත් බදා ගැනීමට උපකාර වන අවයවය.
4. (පාරිභා.) අල්ලුව ; ක්ලීපය.
5. පතුල ; අඩිය.
6. මලපුඩුව ; පාශය.
පසුරු පුවරුව
නා. කපාගත් හෝ පිටපත් කළ දත්ත යළිත් කිසියම් ස්ථානයකට බද්ධ කරන තෙක් තාවකාලිකව රඳවා තබාගන්නා මතක කොටස.
පසුල්
නා.ප්‍ර. පාංසු කූලය ; පස් තැවරුණු වස්ත්‍රය.