සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1042
ප්රපතනය
1. නා. ඇද වැටීම ; පතනය වීම.
2. (පාරිභා.) ශරීරයේ ඉන්ද්රිය හෝ එහි අවයව හෝ (නිසි තැනින්) ගිලිහීම හෝ කිඳා බැසීම.
ප්රපාත තටය
නා. දළ බෑවුම් සහිත ඉවුර ; පල්ලම් සහිත බිම.
ප්රපාතනය
1. නා. බැසීම ; අවරෝහණය වීම ; පහළට ඒම.
2. රටක නිෂ්පාදන වියදමටත් අඩුවෙන් වෙනත් රටකට බඩු ගොඩ බා විකිණීම.
ප්රපාතය
1. නා. පර්වතාදියෙහි දළ බෑවුමින් යුක්ත තැන ; කඳු හෙල්වල බෑවුම ; පල්ලම.
2. දැඩි බෑවුමකින් යුතු කන්ද ; කෙළින් උසට පිහිටි පර්වතය ; පර්වත ප්රාන්තය ; හෙල.
3. පරිහාණිය ; පිරිහීම ; විනාශ මුඛයට ළංවීම.
4. අමාරු අවස්ථාව ; දුෂ්කරතාව.
5. වෙනස ; පරතරය.
ප්රපාතාවාටය
[ප්රපාත + ආවාටය]
නා. (දැඩි බෑවුමක් ඇති) ගැඹුරු වළ ; ගැඹුරු නිම්නය ; අගාධය.
ප්රපායුව
නා. අධෝමාර්ගය ; ගුදය.
ප්රපුංපරිණතිය
නා. උද්භිදවල අසම පරිණත විධි දෙකෙන් එකක්.
ප්රපෝෂකය
නා. (කුඩා සතුන්) රස උරා බොන තුඩ ; සතුන්ගේ අතිශයින් දික් වූ නාසය ; හොඬවැල.
ප්රබන්ධ
1. වි. මැනවින් එකට බැඳුණු; කැටිවුණු; යා කැරුණු ; සම්බන්ධ වුණු.
2. නොකැඩී එක් ව පවතින ; අඛණ්ඩ ; අතුරු නැති ; නිරන්තර.
3. රචනයක් හා සම්බන්ධ හෝ රචකයාට අයත්.
ප්රබන්ධ කථාව
නා. අලුතින් නිර්මාණය කරන ලද කථාව ; කල්පිත කතාන්දරය ; නවකථාව.
ප්රබන්ධ කරනවා
1. ක්රි. (ගද්ය හෝ පද්ය) රචනාවක් කරනවා ; ගොතනවා.
2. බොරුවක් ගොතනවා.
3. නවකථාවක් ලියනවා.
ප්රබන්ධය
1. නා. ගද්යයෙන් හෝ පද්යයෙන් හෝ කරන ලද නව නිර්මාණය ; නිබන්ධය ; රචනය.
2. සමූහය ; රාශිය ; සංහතිය.
3. නොකැඩුණු බව; අඛණ්ඩතාව ; සන්තතිය.
4. පරපුර ; වංශාවලිය.
5. එකට එකතු වීම ; රාශිභූත වීම ; සංකලනය.
6. අමුතුවෙන් ගෙතූ පුවත ; කල්පිත වෘතාන්තය.
ප්රබන්ධස්ථිතිය
නා. අඛණ්ඩ පැවැත්ම ; නොකැඩී, නොනැසී තිබීම.
ප්රබන්ධාත්මක
[ප්රබන්ධ + ආත්මක]
වි. නිරවද්යතාව පිළිබඳ සැක පහළ වන ; තථ්ය නොවූ.
ප්රබල
1. වි. ඉතා බලවත් ; අතිශයින් ශක්තිමත්.
2. අතිශයින් සමර්ථ ; තීක්ෂණ ; බුද්ධිමත් ; විශිෂ්ට.
3. වැදගත් ; බෙහෙවින් සැලකිය යුතු.
4. උග්ර ; අතිමාත්ර.
5. බරපතළ ; දුශ්ශාධ්ය.
6. (පාරිභා.) බෙහෙවින් උකු ; අධික සාන්ද්රණයෙන් යුත්.
7. (පාරිභා.) බෙහෙවින් ප්රතිඵලදායී ; අධික කාර්ය ශක්තියෙන් යුත් ; කර්මශීලි.
ප්රබල අම්ලය
(පාරිභා.) නා. ද්රාවණ තත්ත්වයේ දී හයිඩ්රජන් අයන අතිවිශාල සංඛ්යාවක් ඇති කරන අම්ලයක්.
ප්රබලයා
නා. අධික බලයෙන් යුක්ත තැනැත්තා ; මහත් ශක්තිමතා.
ප්රබාහිකාව
නා. ලේ සහිත පෙණ පිටවන්නා වූ ද, වාතය, උණ, වමන සහ දාහ සහිත වූ ද අතීසාරය.
ප්රබුද්ධ
1. වි. පිපුණු ; විකසිත.
2. නුවණ මුහුකුරා ගිය ; ප්රඥා ; බුද්ධිසම්පන්න.
3. නින්දෙන් නැගී සිටින.
4. අවධානශීලි ; අවදි වූ
5. සන්තෝෂයට පත් ; ප්රමෝදයට පැමිණි ; ප්රබෝධ වූ.
ප්රබුද්ධ බුද්ධි බලය
නා. උසස් වැටහීමේ හැකියාවෙන් යුතු නුවණ ; බලවත් අවබෝධ ඥානය ; විචාරාක්ෂමඥාන ශක්තිය.
ප්රබුද්ධ රාජ්යය
නා. ප්රඥාගෝචර, ජනහිතකාමී පාලන තන්ත්රය.
ප්රබුද්ධ සමය
නා.ප්ර. දියුණු වූ ජන සමාජයකින් සමන්විත අවධිය.
ප්රබුද්ධි මාර්ගය
නා. බුද්ධිය දියුණු කිරීමේ මඟ ; නුවණ අවදි කරවා ගැනීමේ ක්රමය.
ප්රබෝධක
වි. පුබුදු කරවන සුලු ; උනන්දු කරවන ස්වභාවයෙන් යුත්.