සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1113
පූර්ණ වර්ගය
නා. (ගණිත.) රාශියක් එම රාශියෙන් ම ගුණ කළ විට ලැබෙන සම්පූර්ණ ඵලය.
පූර්ණ විරිදුව
නා. නාඩගමක මූලාරම්භය දක්වමින් පොතේ ගුරා විසින් කියනු ලබන කවිය ; නාඩගමේ ආරම්භක පද්යය.
පූර්ණ ශ්රිතය
නා. (ගණිත.) එකක වෙනසක් සිදුවුවහොත් අනිකෙහි ද අනුරූප වෙනසක් සිදුවන තරමට එකිනෙක සම්බන්ධ වූ සම්පූර්ණ සංඛ්යාව.
පූර්ණ සංඛ්යාව
නා. (ගණිත.) භාගයක් නොවන ගණන; සම්පූර්ණ සංඛ්යාව.
පූර්ණ ස්වරාජ්යය
නා. සම්පූර්ණයෙන් ම ස්වදේශීන් විසින් ම පාලනය කිරීමේ වගකීම් සහිත රාජ්යය ; සම්පූර්ණයෙන් ම ස්වාධීන පාලනයක් ඇති රාජ්යය.
පූර්ණත්වය
1. නා. සම්පූර්ණත්වය ; පරිපූර්ණ බව.
2. (දර්ශන.) ආලෝකය හෙවත් දේව ජීවයෙන් පිරුණු යුගවලින් සමන්විත ආධ්යාත්මික ලෝකය.
පූර්ණයා
නා. ඉදිබුවා ; ඉබ්බා.
පූර්ණාංකය
නා. සම්පූර්ණ සංඛ්යාව ; අඛණ්ඩ ගණන ; භාග සංඛ්යාවක් නොවන අංකය.
පූර්ණාංශය
(පාරිභා.) නා. (ලඝු.) සම්පූර්ණ සංඛ්යාව ; භාග සංඛ්යාවක් නොවන ගණන.
පූර්ණිමා
නා.ප්ර. පසළොස්වක පොහොය දවස.
පූර්නෝද්ගමනය
(පාරිභා.) නා. සමස්ත නිගමනය ; පූර්ණ නිගමනය.
පූර්ව
1. වි. පසුගිය ; යටගිය ; අතීත ; ආදි ; මුල් ; ප්රථම.
2. (පාරිභා.) ඉදිරියෙන් පිහිටි.
3. පෙරදිගට අයත් හෝ සම්බන්ධ; නැගෙනහිරට අයත්.
4. පෙරවරුවට අයත්; උදය කාලය හා සම්බන්ධ.
පූර්ව අනුමැතිය
නා. ක්රියා කිරීමට පෙර ඒ සඳහා බලධාරියාගෙන් ලබාගන්නා අවසරය.
පූර්ව ආසාදන අවස්ථාව
නා. රෝගයක් සංක්රමණය වන මුල් අවස්ථාව ; රෝගයක් බෝවන මුල් කාලය.
පූර්ව උපාංගය
(පාරිභා.) නා. ඇතැම් සතුන්ගේ ලලාටාස්ථිය සම්බන්ධව පිටට නෙරාගිය අවයවය.
පූර්ව උරස
නා. (සත්ව.) කෘමියකුගේ හිසට යාබද ව ඇති උරසේ කොටස් තුනෙන් ඉදිරියෙන් ම තිබෙන කොටස.
පූර්ව කර්මය
නා. පෙර ජාතිවල කරන ලද කුසලාකුසල කර්මය.
පූර්ව කල්පනය
නා. මුල් අදහස ; මුල් මතය ; මුල් සංකල්පය.
පූර්ව චක්රවාටය
නා. සූර්යයාගේ ආලෝකය සහ බලපෑම තිබෙන පෙරදිග පෙදෙස ; පෙරදිග සක්වළ.
පූර්ව චාර්වක
නා.ප්ර. මුඛයෙහි පිහිටි දත් වර්ග අතුරෙන් තුඩු දෙකක් වන සේ මුදුනින් දෙකට බෙදුණු දත් විශේෂය ; ද්විතුණ්ඩ.
පූර්ව චාරිත්රය
නා. පෙර සිට පැවත එන සිරිත ; පෙර සිරිත.
පූර්ව චූෂකරය
(පාරිභා.) නා. අක්මා පැතැල්ලාගේ ශීර්ෂ ඛණ්ඩිකා මුදුනේ යමක් උරා ගැනීමට හෝ අල්ලා ගැනීමට උපකාර වන සේ පිහිටි අවයවය ; මෞඛ චූෂකරය.
පූර්ව චේතනාව
නා. (අභි.) දශ පුණ්ය ක්රියා සම්බන්ධයෙන් ඇතිවන ත්රිවිධ චේතනාවන් අතුරෙන් පළමුව උපදින චේතනාව.
පූර්ව ජනකයා
(පාරිභා.) නා. ජනකයන්ගේ ජනකයා ; දෙමාපියන්ගේ දෙමාපියෝ.