සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1112
පූර්ණ
වි. පිරුණු.
පූර්ණ අගය
නා. (ගණිත.) සම්පූර්ණ සංඛ්‍යාවකින් දැක්වෙන වටිනාකම ; භාගයක් නොවන ගණනක අගය.
පූර්ණ අනම්‍යතාව
නා. (ආර්ථි.) භාණ්ඩවල මිලෙහි විශාල වෙනසක් ඇති වූවත්, ඉල්ලුමේ වෙනසක් නොවීමෙන් ඇති වන නොනැමෙන බව.
පූර්ණ අභ්යුනනය
නා. (ගණිත.) විශිෂ්ට කරුණුවලින් ලබාගන්නා පූර්ණ වූ පොදු නියමය නොහොත් පොදු සාධනය.
පූර්ණ අයිතිය
(පාරිභා.) නා. අන් කිසිවකුට නැති තනි අයිතිය ; හවුල් කිසිවක් නැති අයිතිය.
පූර්ණ ආද්යය
නා. (ගණිත.) ගණිතමය නිර්මාණයක් හෝ ගණන් බැලීමක් ආරම්භ වන රේඛාව හෝ සංඛයාව වැනි මුල් දෙය ; අනිකකින් හට නොගත් පූර්ණ භාවයක් ඇති චක්‍රය ; පෘෂ්ඨය, සමීකරණය, මහත ආදිය.
පූර්ණ ආදේශනය
(පාරිභා.) නා. එක් වෙළඳ බඩුවක් සම්පූර්ණයෙන් ම වෙළඳ පොළෙන් ඉවත් වන සේ ඒ වෙනුවට අනෙක් වෙළඳ බඩුවක් ආදේශ කිරීම.
පූර්ණ උපෝසථ
නා.ප්‍ර. පුර පසළොස්වක ; පිරුණු පෝය දිනය ; පුන් පොහොය.
පූර්ණ ඒකාධිකාරය
නා. (ආර්ථි.) (යම්කිසි භාණ්ඩයක් නිපදවීම හා අලෙවිය හෝ සේවයක් ඉටු කිරීම පිළිබඳ ව පවත්නා) සම්පූර්ණ තනි අයිතිය හෝ පාලනය.
පූර්ණ කරණීය
නා. (ගණිත.) සම්පූර්ණ අපරිමේය රාශියක් ; සම්පූර්ණ වශයෙන් නියත සංඛ්‍යාවකින් නොදැක්වෙන මූලයක් වශයෙන් දැක්වෙන සංඛ්‍යාව ; සම්පූර්ණ මූලයක්.
පූර්ණ කලස
නා. (උත්සවාදියේ දී සුබනිමිති හැටියට තබන) පුන්කලස ; පොල්මල් ආදියෙන් අලංකාර කළ සැරසිල්ලක් ලෙස තබන කළය.
පූර්ණ කාලීන
වි. නීතිය අනුව දිනකට නියමිත සම්පූර්ණ පැය ගණන වැඩෙහි යොදන ; නියමිත වූ සම්පූර්ණ කාලපරිච්ඡේදයම සේවය කරන.
පූර්ණ කිරි
(පාරිභා.) නා.ප්‍ර. යොදය අස් නොකළ කිරි.
පූර්ණ ග්‍රහණය
නා. (භූගෝ.) දීප්ත ආකාශ වස්තුවක ආලෝකය අදීප්ත අනෙක් වස්තුවකින් සම්පූර්ණයෙන් ; සම්පූර්ණ මුවහ වීම ; සම්පූර්ණ සූර්යග්‍රහණය හෝ සම්පූර්ණ චන්ද්‍රග්‍රහණය.
පූර්ණ ඝනය
(පාරිභා.) නා. සමචතුරස්‍රාකාර පැති හයක් ඇති සමාකාර සම්පූර්ණ ඝනරූපය.
පූර්ණ තරලය
නා. (භෞති.) අසම්පීඩ්ය වූ ද, ඒකාකාර ඝනත්වයක් ඇත්තා වූ ද, විකෘති කිරීමේ බලයකට කිසි ම ප්‍රතිරෝධයක් නැත්තා වූ ද පරමාදර්ශී තරලයක්.
පූර්ණ දර්ශකය
නා. (ගණිත.) රාශියක් කවර සම්පූර්ණ බලයකට නංවා තිබේදැයි හගවන සංකේතය.
පූර්ණ දර්ශය
නා. (සත්ව.) අලුත් විශේෂයක විස්තරය ස්ථිර කිරීමට භාවිත කරන මුල් නිදර්ශකය.
පූර්ණ නම්‍යතාව
නා. (ආර්ථි.) භාණ්ඩයක මිල වෙනස් වීමත් සමග ම ඒ භාණ්ඩය පිළිබඳ ඉල්ලුමේ ඇති වන සම්පූර්ණ වෙනස්වීම.
පූර්ණ පරපෝෂිතයා
නා. තමාට අවශ්‍ය ආහාර හා ජලය සම්පූර්ණයෙන් ම ධාරකයෙන් ලබාගෙන යැපෙන, නොහොත් ජීවියකු තුළ හෝ මත ජීවත් වෙමින් එයින් ම සාරය ලබමින් වැඩෙන සත්වයා.
පූර්ණ පරාවර්තනය
නා. (භෞති.) සම්පූර්ණයෙන් නැමීම; ආපසු හෝ අනෙක් දිශාවකට හෝ සම්පූර්ණයෙන් හැරවීම.
පූර්ණ බලතල
නා.ප්‍ර. යම්කිසිවක් කිරීමට සම්පූර්ණයෙන් ම නීතියෙන් ලබා ඇති අවසරය ; යම් කටයුත්තකට ඇති සම්පූර්ණ නීතිමය ඉඩකඩ.
පූර්ණ යෝගය
නා. (සත්ව.) තරම හා ස්වරූපය අතින් එම විශේෂයේ සාමාන්‍ය සෛල වැනි ම වූ ජන්මාණු තිබීම සහ එවැනි ජන්මාණු අතර සිදුවන සංයෝජනය.
පූර්ණ ලවණය
නා. (රසා.) අම්ලයක තිබෙන ප්රතිස්ථාපි හයිඩ්රජන් සියල්ල ම ප්‍රතිස්ථාපනය කිරීමෙන් සෑදෙන ලවණයක්.