සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1111
පූජාවත්
නා.ප්‍ර. පූජා චාරිත්‍ර ; පුද කිරීම; වත්පිළිවෙත්.
පූජිත
වි. වැඳුම් පිදුම් ලද ; ගරු කරනු ලැබූ ; උසස් කොට සලකනු ලැබූ ; උතුම් බවට පත්.
පූට්ටුව
1. නා. ලී ආදිය පුරුද්දා කරන සන්ධිය ; පෑස්ම.
2. ශරීරයේ ඇට හන්දිය.
3.දත්, හනු ආදිය අගුලු වැටීම.
4. (කථා.) රෙදි එකට එක්කොට මැහීම ; මූට්ටුව.
5. (කථා.) මාංචුව ; විලංගුව.
6. කජු ඇට, ගල්කැට ආදියෙන් කරන ළමා ක්‍රීඩාවක්.
7. සම්බන්ධය ; සමගිය.
පූටිකාව
(පාරිභා.) නා. ශාක පත්‍රයක පාලක සෛල දෙකක් අතර පිහිටි පරතරය.
පූණනූල
නා. බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්‍ය යන කුලවලට අයත් කුල කුමරුවන් පළඳින ආගමික අගයක් ඇති නූල.
පූණ්ඩුව
1. නා. යා කිරීම ; එක් කිරීම ; සම්බන්ධ කිරීම ; පූට්ටු කිරීම.
2. (කථා.) දම්වැල් කොකු ආදියේ කොන් දෙක එකට සම්බන්ධ කරන කොකු විශේෂය ; ගාංචුව.
පූණාව
නා. දේවාල, ප්‍රතිමා, ගෘහ ආදියෙහි පූජා කටයුතු සඳහා දෙවියන් වෙත කැප කළ ශුද්ධ පැන් භාජනය.
පූණුව
(කථා.) නා. 1. කරත්ත රෝදයක බොස්ගෙඩිය තුළට රුවන චීනච්චට්ටි නළ කැබැල්ල.
2. මෝටර් රථයක රෝදය අක්ෂදණ්ඩට සවිවන ගුල රේසරය සහිත කොටස.
පූත
1. වි. පිරිසිදු කළ ; ශුද්ධ කළ ; පොළන ලද.
2. කුණු ගඳ ඇති ; දුගඳ හමන.
පූතිජීවි
(පාරිභා.) වි. කුණු වී ගිය ස්ථානවල වැඩෙන ; දිරාපත් වූ ද්‍රව්‍ය මත වැඩෙන.
පූතිනාශක
(පාරිභා.) වි. කුණුවීම වළක්වන ; විෂබීජ වනසන.
පූතිනිවාරණය
(පාරිභා.) නා. කුණුවීම හෝ පැසවීම වැළැක්වීම ; කුණුවීම නැවැත්වීම.
පූතිප්ලවාංග
(පාරිභා.) නා.ප්‍ර. කුණු දියෙහි වැඩෙන ප්ලවාංග හෙවත් දියෙහි ඉල්පෙන සත්වයා හෝ පැළෑටිය.
පූතිභවනය
(පාරිභා.) නා. කුණුවීම
; නරක්වීම ; පූතිය ; පූතිකාව.
පූතිය
(පාරිභා.) නා. ලේවල හෝ පටකවල හෝ සැරව ඇති වීම සහ වෙනත් ව්‍යථජනක ජීවීන් හෝ ඔවුන්ගේ විෂ වර්ග පැවතීම ; කුණු වීම ; පැසවීම.
පූදිනවා
ක්‍රි. ගස් වැල් ආදියෙහි මුල් වරට මල් හටගන්නවා ; ගොයම් ආදියෙහි බණ්ඩියෙන් කරල් එළියට එනවා ; බුලත් වැල්වල රිකිලි හටගන්නවා.
පූනෑව
(පාරිභා.) නා. (සාමාන්‍යයෙන්) වටකුරු අඩියක් සහිත රවුම් හෝ අණ්ඩාකාර පිඟන් හෝ ලෝහ භාජනය.
පූප
1. නා.ප්‍ර. පිටියෙන් සෑදූ කැවිලි වර්ග ; කැවුම්, රොටී, කේක්, පාන් ආදිය.
2. ඇස් රෝගයක නාමය.
පූපගත කරනවා
ක්‍රි. (ක්‍රිස්ති.) ක්‍රිස්තුන් වහන්සේගේ ශරීර මාංශය, දිව්‍ය සත්ප්‍රසාදය සඳහා ගන්නා පූපවලට සමාන කරනවා.
පූරක පටකය
(පාරිභා.) නා. ළපටි කඳක හෝ මුලක හෝ සනාල පද්ධතියට බාහිර ව හා එය අතර තිබෙන මෘදු ස්තර පටකය.
පූරක මඩිය
(පාරිභා.) නා. ඇතැම් කයිලොස්ටොමාටාවන්ගේ චූර්ණමය ජීවාංගාලයේ ඉදිරිපස කොටසට යටින් පිහිටියාවූ ද, ග්රාහිකා පිටතට දිගු කළ විට වතුරෙන් පිරී යන්නා වූ ද පටලමය බහිස්චර්මීය අන්ධාශය හෙවත් කොටුව.
පූරකය
(පාරිභා.) නා. 1. දිලීරයක වැවීමට භූමිය වන සප්රාණික හෝ අප්‍රාණික උපස්තරය.
2. සම්බන්ධක පටකයේ අන්තර් ශෛලීය පූරක ද්‍රව්‍යය හෙවත් බදාමය.
3. වර්ණදේහයක සායම් අල්ලන සුලු බාහිර ස්තරය.
4. යමක් පුරවන හෙවත් සම්පූර්ණ කරන දේ.
5. හුස්ම ඉහළට ගැනීම.
පූරණ ලේඛන
(පාරිභා.) නා.ප්‍ර. ලේඛනයක අඩුපාඩු සපුරාලන නිසි සේ ගැළපී සිටින, ඌණ පූරණ ලේඛන ; ප්රතිමුඛ ලේඛන ; ද්විත්ව ලේඛන.
පූරණය
1. නා. පිරවීම ; පුරවාලීම ; සම්පූර්ණත්වය ඇති කිරීම ; පරිපූර්ණතා සිද්ධිය.
2. ජලය සහිත පෙදෙසක ජලමට්ටමට ඉහළින් තනන මඟ.
3. වියන රෙද්දක හරස් අතට යන නූල.