සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1114
පූර්ව නිගමනය
1. නා. දන්නා කරුණු අනුසාරයෙන් යම් කරුණක් ගැන අනුමාන වශයෙන් බැසගත් තීරණය.
2. (ගණිත.) විවාද ඔප්පු කිරීම ආදියේදී භාවිත වන පිළිගත් සාධකය
3. (නීති) වැරදි යැයි ඔප්පු කරන තෙක් සත්‍යයයි භාරගැනීම.
පූර්ව නිදර්ශනය
(පාරිභා.) නා. නිදර්ශනයක් වශයෙන් දැක්විය හැකි පෙර සිද්ධිය හෝ නියමය.
පූර්ව නිමිත්ත
නා. අනාගත සිද්ධියක් සම්බන්ධයෙන් කල් තබා පහළ වන ලකුණ ; යම්කිසි සිදුවීමකට පෙර දක්නට ලැබෙන සලකුණ ; පෙර නිමිත්ත.
පූර්ව නියතිය
(පාරිභා.) නා. කලින් සූදානම් කරන ලද අරමුණ.
පූර්ව පක්ෂය
1. නා. මුල් කොටස ; ප්‍රථම අංගය.
2. චන්ද්‍ර මාසයෙහි මුල් දෙසතිය ; පුර පෑළවිය සිට පුරපසළොස්වක දක්වා වූ අඩ මස.
3. විවාද ආදියේ දී පළමුවෙන් කරුණු ඉදිරිපත් කරන පිල.
පූර්ව පාර්ශ්වික
(පාරිභා.) වි. ඉදිරිපසින් අංශයකට බර ව පිහිටි.
පූර්ව භාගය
1. නා. ඉදිරියෙන් වන කොටස ; මුල් කොටස ; පළමු භාගය.
2. දිනයේ මුල් කොටස ; දවසේ පළමු භාගය ; පෙරවරුව.
පූර්ව මස්තිෂ්කය
(පාරිභා.) නා. . (පෘෂ්ඨවංශීන්ගේ කලල අවස්ථාවේ දී කොටස් තුනකින් සමන්විත ව තිබෙන) මොළයේ ඉස්සරහ කොටස ; පෙර මොළය.
පූර්ව රාත්‍රිය
නා. රාත්‍රියේ ප්‍රථම කොටස ; පෙරයම.
පූර්ව රීතිය
නා. කලින් අනුගමනය කරන ලද පිළිවෙත ; ඉහත තිබූ නියමය ; පැරණි න්‍යායය.
පූර්ව ලක්ෂණ
1. නා.ප්‍ර. යමක් සිදුවීමට පෙර නිමිත්තක් වශයෙන් ඇති වන ලකුණු ; පෙර ලකුණු.
2. රෝගයක් නියම වශයෙන් මතුවීමට පෙර දක්නට ලැබෙන ලක්ෂණ ; පූර්වරූප.
පූර්ව ලිඛිතය
නා. පෙර ලියා තබන ලද පොත්පත් වාර්තා ලිපි ආදිය ; පුරාණ ලේඛනය.
පූර්ව වායුව
නා. නැගෙනහිරින් හමන සුළඟ ; පෙර දිගින් එන වාතය.
පූර්ව විදේහය
නා. මහමේරු පර්වතය වටා පිහිටා ඇතැයි සැලකෙන සතර මහාද්වීපයන්ගෙන් එකක්.
පූර්ව විමර්ශනය
නා. යමක් කිරීමට කලින් ඒ ගැන මැනවින් සිතීම ; හොඳින් කල්පනා කිරීම.
පූර්ව සංක්‍රමණ අවස්ථාව
(පාරිභා.) නා. බෝවන රෝගයක බෝවීමට පෙර අදියර ; සංක්‍රමණික රෝගයක පූර්ව ආසාදන අවස්ථාව.
පූර්ව ස්ත්රීපක්කතාව
නා. (උද්භි.) මලක පුමංගයට කලින් ජායාංගය මේරීමේ ස්වභාවය.
පූර්ව ස්වදේශියා
නා. රටක මුල් පදිංචිකරුවන්ගෙන් පැවතෙන්නා; ආදිවාසියා.
පූර්ව සිද්ධාන්තය
නා. (ගණිත) පසුව දක්වන සාධ්යයකට ප්‍රාථමික වශයෙන් දක්වනු ලබන හෝ පිළිගනු ලබන සාධ්‍යය ; ආරම්භක සිද්ධාන්තය.
පූර්වකය
නා. පෙර අත්බව ; කලින් උපන් ආත්මභාවය.
පූර්වක්රියාව
1. නා. කලින් කරන ක්‍රියාව ; පූර්වයෙන් කරන ක්‍රියාව; පළමු ක්‍රියාව.
2. (ව්‍යාක.) වාක්‍යයක එක ම කර්තෘ විසින් කරන ලද ක්‍රියා දෙකක් හෝ කීපයක් හෝ සඳහන් වන අවස්ථාවලදී අවසාන ක්‍රියාවට මුලින් යෙදෙන ක්‍රියාව හෝ ක්‍රියා හඳුන්වන නාමය ; අතීත නිපාත ක්‍රියාව.
පූර්වකාය
නා.ප්‍ර. ශරීරයේ හිස සිට නැබ දක්වා උඩ කොටස.
පූර්වකාල ක්‍රියාව
නා. කලින් සිදු වූ ක්‍රියාවක් ප්‍රකාශ කරන ක්‍රියාපදය ; අතීත කාලය පිළිබඳ ක්‍රියා පදය.
පූර්වකාලීන
වි. අතීතයට අයත්; පෙර කාලයට අයත්.