සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1115
පූර්වකුටීරය
(පාරිභා.) නා. පෙර මොළයේ කුහරය ; කළලයේ පළමුවන මස්තිෂ්ක ආශයිකාව.
පූර්වකෘත
1. වි. කලින් කරන ලද.
2. පෙර ජාතියේ කරන ලද ; පුරාකෘත.
පූර්වග හැසිරීම
(පාරිභා.) නා. පෙර හැසිරීම ; පසුගිය චර්යාව ; පූර්ව පැවැත්ම.
පූර්වගමනය
නා. (නීති.) පෙර අනුගමනය කළ පිළිවෙල ; කලින් ගත් ක්‍රියා මාර්ගය.
පූර්වගාමියා
1. නා. පළමු ව ගිය තැනැත්තා ; මුලින් ගමන් කළ තැනැත්තා ; පුරෝගාමියා.
2. (පාරිභා.) (කෙනෙකුට පළමු ව) නිලයක් හෝ පදවියක් ඉසිලූ තැනැත්තා ; පදවියක හෝ නිලස්ථානයක කලින් සිටි තැනැත්තා.
පූර්වජ
වි. පූර්වයෙහි සිට පැවත එන ; මුතුන් මිත්තන්ගෙන් පැවත එන.
පූර්වජ ක්ෂීරපායියා
(පාරිභා.) නා. මුතුන් මිත්තන්ගෙන් පැවත එන කිරි බී වැඩෙන සත්වයා.
පූර්වතාව
(පාරිභා.) නා. මුල්කොට සැලකීම ; මූලිකතාව ; ප්‍රමුඛතාව ; ප්‍රමුඛත්වය.
පූර්වදර්ශය
(පාරිභා.) නා. කලින් පැවති දර්ශය ; අලුත් විශේෂයක හෝ ගණයක හෝ විස්තරයට පදනම් වුණු පුරාණ හෙවත් කලින් පැවැති නිදර්ශනය.
පූර්වදික්
නා.ප්‍ර. නැගෙනහිර පැත්ත ; නැගෙනහිර දිශාව ; පෙරදිග ; පූර්වදිග.
පූර්වදේවතා
නා.ප්‍ර. මව්පිය දෙදෙනා.
පූර්වදේශාංශය
(පාරිභා.) නා. ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාවේ සිට 180° මධ්‍යාහ්න රේඛාව දක්වා නැගෙනහිර දෙසින් පිහිටි ඕනෑම දේශාංශකයක් ; නැගෙනහිර දේශාංශය.
පූර්වනියමය
(පාරිභා.) නා. සදාකාලික දෛවය ඇතුළු මිනිස් ජීවිතයේ සියලු ම සිදුවීම් දෙවියන් විසින් කලින් තීරණය කර ඇති පරිදි සිදුවන්නේය යන ධර්මය.
පූර්වපක්ෂඛණ්ඩනය
නා. (තර්ක.) විවාදයේ දී පූර්වපක්ෂයෙන් හෙවත් මූලික කරුණු ඉදිරිපත් කළ පක්ෂයෙන් ඉදිරිපත් වන මත සිඳ හෙළීම.
පූර්වපදය
1. නා. සමාසයක මුලින් යොදන පදය ; පෙරපදය.
2. (පාරිභා.) අනුපාතයක මුලින් යොදන රාශිය ; අනුපාතයක ලවය.
පූර්වප්රකෘතිය
නා. කලින් පැවැති ස්වභාවය ; මුල් ආකාරය.
පූර්වප්රත්නජීවකය
නා. පෘථිවියේ මුල් ම ජීව යුගය.
පූර්වපාද
නා.ප්‍ර. සතූන්ගේ ඉදිරිපස කකුල් ; පූර්ව ගාත්රා.
පූර්වපාදස්ථ
(පාරිභා.) වි. ඉදිරිපස ඇති පාදවල පිහිටි ; පෙර ගාත්වල පිහිටි.
පූර්වපාෂාණ
වි. ගල් යුගයට කලින් අවධියට අයත් ; පුරාණ පාෂාණ යුගයට අයත්.
පූර්වපාසැල
නා. විධිමත් අධ්‍යාපනය ලැබීමට පෙර කුඩා ළමයකු යවන පාසල ; ළදරු පාසල.
පූර්වපිණ්ඩය
නා. මහ මොළයෙහි ඉදිරිපස කොටස.
පූර්වභක්තකෘත්යය
නා. දහවල් ආහාරයට පෙර පෙරවරු කාලයෙහි කළමනා කටයුත්ත ; පූර්වභාගයෙහි කළ යුතු දෙය ; පෙර බත් කිස.
පූර්වභවය
නා. පෙර ජාතිය ; පෙර ආත්මය.