සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1185

භූයෝ

වි. වැඩි ; අධික ; බහුල.

භූයෝමකය

නා. වැඩි දෙනාගේ අදහස ; බහුජන කල්පනාව.

භූයෝවෘත්තිය

නා. බහුල ලෙස පැවතීම, කිරීම හෝ ප්‍රකාශ කිරීම.

භූරි

වි. බොහෝ ; බහුල ; මහත් ; ප්‍රමාණයෙන් වැඩි.

භූරූප විද්‍යාව

(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨය මතුපිට හැඩහුරුකම හා ඊට යටින් ඇති ව්‍යුහය අතර සම්බන්ධතාව ගැන අධ්‍යයනය කිරීම.

භූරූපණය

(පාරිභා.) නා. පොළොවේ භෞතික ලක්ෂණ හා ඒ එකිනෙකට ඇති සම්බන්ධකම් දැක්වීම.

භූරූපය

(පාරිභා.) නා. (භූගෝ.) පොළොවේ පෘෂ්ඨය සෑදී තිබෙන ආකාරය ; පොළොවේ ස්වරූපය.

භූලක්ෂණ සිතියම

(පාරිභා.) නා. (භූගෝ.) සීමාසහිත ප්‍රදේශයක විස්තරාත්මක විෂමතා නිරූපණය ; මතුපිට භූවිෂමතා ලක්ෂණ ද, වෘක්ෂලතාදිය, මතුපිට පවතින ඇළ ගංගා මංමාවත්, වගාව ආදිය දක්වන සිතියම.

භූලතා

1. නා.ප්‍ර. බිම්පණුවා.
2. බුලත්වැල.

භූවර්තන සුළං

නා. ඉහළ වායුගෝලය තුළ බල පවත්නා සුළං විශේෂයක්.

භූව්‍යාප්ති විද්‍යාව

(පාරිභා.) නා. පොළොවේ පැතිරීම හෙවත් භූගෝලීය ව්‍යාප්තිය උගන්වන විද්‍යාව.

භූවිද්‍යාඥයා

නා. පොළොවේ සංයුතිය, ව්‍යුහය ආදිය පිළිබඳ ප්‍රවීණයා.

භූවිරූපණය

(පාරිභා.) නා. (භූගෝ.) පොළෝ තලයේ නැමීම්, රැලි වැටීම්, පිපිරිම් ආදියෙන් වූ විෂමතාව.

භූෂණය

නා. සැරසිල්ල ; අලංකාරය.

භූෂිත

වි. සරසන ලද ; අලංකාර කරන ලද.

භූසුර

නා.ප්‍ර. මිහි පිට දෙවියා හෙවත් බමුණා ; බ්‍රාහ්මණයා.

භෘගුරතාව

නා. ලෝහයක් සතු ගුණාංගයක් ; පහරදීමකදී කැඩී බිඳී යන සුලු බව.

භෘඞ්ගයා

නා. මීමැස්සා ; බඹරා.

භෘඞ්ගාවලිය

නා. මීමැසි පෙළ ; භෘඞ්ග පන්තිය.

භෘත්‍ය

වි. පෝෂණය කටයුතු.

භෘත්‍යයා

නා. වැඩකරුවා ; දාසයා.

භෙණ්ඩිවාල

නා.ප්‍ර. සටන්වල දී පාවිච්චි කරනු ලබන දමා ගසන කැපෙන ආයුධයක්.

භේද-භින්න

වි. වෙන් වුණු ; බෙදී ගිය.

භේදකය

නා. බෙදන දෙය ; බෙදීම සිදු කරන දෙය.