සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1186
භේදකයා
නා. බෙදන්නා ; වෙන් කරන්නා.
භේදනය
නා. බිඳීම ; වෙන් වීම.
භේදය
1. නා. බිඳීම ; වෙන් කිරීම.
2. බෙදනු ලබන දෙය ; කොටස.
3. වෙනස ; විෂමතාව.
4. රාජ්ය පාලනයෙහි ද උපකාර වන සතර උපායවලින් එකක්.
භේද්ය
වි. බෙදිය යුතු ; වෙනස් කළ යුතු.
1. නා.ප්ර. බෙදීම ; භේදය.
2. බෙදිය හැකි බව.
භේරිවාදකයා
නා. බෙර වයන්නා.
භේරුණ්ඩ පක්ෂියා
නා. විශේෂයෙන් සිත්තර රූප ශිල්පීන් විසින් නිපදවන ලද මනඃකල්පිත පක්ෂියකු දක්වන සැරසිලි මෝස්තරයක්.
භෛරව
නා.ප්ර. දේවතා කොට්ඨාශයක නාමය, බහිරවයා.
වි. භයානක බියකරු.
භෛෂජ්ය පංචකය
නා. මුව සුවඳවත් කරනු සඳහා දැහැත් විටට ගැනෙන කපුරු ආදි සුවඳ බෙහෙත් පස් වර්ගය.
භෛෂජ්යාගාරය
නා. බෙහෙත් ශාලාව ; ඖෂධ වර්ග බෙදා දෙන ස්ථානය.
භෝග සුඛය
නා. භෝග පරිහරණයෙන් ලබන වින්දනය ; වස්තු පරිභෝජනයෙන් ලබන සැපත.
භෝගමදය
නා. ධනය හා වස්තුව නිසා සිතෙහි ඇතිවන මානය.
භෝගය
1. නා. වතු-පිටි, ධන ධාන්ය, පශු, දරු, ඥාති ආදි වස්තුව; සම්පත්.
2. පරිභෝගය ; ප්රයෝජනයට ගැනීම.
3. සුවදුක් ආදිය විඳීම.
4. සර්පයන්ගේ දරණවැල.
භෝගාවලිය
1. නා. සර්පයන් වළලු හැඩයට හකුළාගත් ශරීරය.
2. පැසසුම් කථාව ; ප්රශංසනීය කථාව.
භෝගී
වි. පරිභෝග කරන ; වළඳන.
1. නා.ප්ර. භෝග ඇත්තා.
2. නාගයා.
භෝජක
වි. අනුභව කරන ; පරිභෝග කරන.
1. නා.ප්ර. අනුභව කරන්නා ; පරිභෝග කරන්නා.
2. (ගමේ) පාලකයා ; ප්රධානයා.
භෝජන ඌනතාව
(පාරිභා.) නා. ආහාර අඩුවෙන් ගැනීමෙන් හෝ පෝෂ්යදායක නොවන ආහාර ගැනීමෙන් ඇතිවන ශාරීරික දුර්වලතාව.
භෝජන කෘත්යය
නා. ආහාර ගැනීම ; බොජුන් මෙහෙය.
භෝජන ශාලාව
නා. ආහාර ගන්නා ශාලාව ; බොජුන් හල ; භෝජනාගාරය.
භෝජන සංග්රහය
නා. කෑම් බීම් ආදියෙන් කරන සංග්රහය.
භෝජන සංඥා
වි. අනුභව කිරීමෙහි පමණ දන්නා වූ.
භෝජනය
නා. කෑමට ගන්නා දෙය.
භෝජනීය
වි. අනුභව කටයුතු.
භෝජ්ය විද්යාව
(පාරිභා.) නා. ආහාර පිළිබඳ විද්යාව.
භෝජ්යතාව
(පාරිභා.) නා. කෑමට සුදුසු බව ; ආහාරයට යෝග්ය බව.