සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1187

භෞතවේදය

(පාරිභා.) නා. කායික විද්‍යාව ; කාය කර්මය.

භෞතික

වි. තාපය, ආලෝකය හා ධ්වනිය යන භෞතික වස්තු එහි අන්‍යෝන්‍ය සම්බන්ධය ද පිළිබඳ වූ ; ද්‍රව්‍යාත්මක වූ.

භෞතික ඛාදනය

(පාරිභා.) නා. ජලය කාලගුණය ආදි භෞතික හේතු මත ගල් පර්වත ආදිය ගෙවීයාම හා පස සේදීයාම.

භෞතික චිකිත්සාව

(පාරිභා.) නා. විදුලි ධාරාවකින් හෝ විදුලිය උපයෝගී කරගෙන නිපද වූ විකිරණයෙන් හෝ ලෙඩ සුව කිරීම.

භෞතික ජීරණය

(පාරිභා.) නා. පස්, ගල්, පර්වතාදි භෞතික වස්තුවල ඇතිවන දිරායාම.

භෞතික පදාර්ථ

නා.බහු. විශ්වය නිර්මාණය වී ඇති මූල ධාතු ; භෞතික ද්‍රව්‍ය.

භෞතික පරිවර්තනය

(පාරිභා.) නා. ද්‍රව්‍යවල වෙනස්වීම ; භෞතික වස්තුවල විපරිණාමය.

භෞතික වාදය

නා. ඉන්ද්‍රීය විෂය දේ හැර වෙනත් කිසිවක් නැතැයි ප්‍රකාශ කිරීම ; ද්‍රව්‍යාත්මක වාදය.

භෞතික විද්‍යාව

(පාරිභා.) නා. (භෞති.) පොදු නියම හා ගුණ සොයා ගැනීම සඳහා ස්වාභාවික සංසිද්ධි අධ්‍යයනය කිරීමේ විද්‍යාංශය ; ශක්තිය හා පදාර්ථ ගුණ පිළිබඳ විද්‍යාව, රසායනික නොවන තාපය, ආලෝකය හා ධ්වනි යන පදාර්ථ හා ශක්ති ගුණ පිළිබඳ විද්‍යාව.

භෞම

වි. පෘථිවිය සම්බන්ධ වූ ; භූමියේ වූ.

භෞමකී විද්‍යාව

(පාරිභා.) නා. භූ විද්‍යාව.

භෞමාගාරය

[භෞම + ආගාරය]
නා. පොළොව යට පිහිටි ගෙය ; බිම්ගෙය.

භෞමික

[භෞම + ඉක]
වි. භූමියට අයත් වූ ; ගොඩබිමට අයත් වූ.

ම

1. නා. සිංහල හෝඩියේ ‘ප’ වර්ගයේ අවසාන අකුර ; ඕෂ්ඨජ අල්පප්‍රාණ අනුනාසිකය.
2. සර්ව. (ව්‍යාක.) අස්මත්වාචී 'ම' ශබ්ද ප්‍රකෘතිය ; උත්තම පුරුෂ එකවචනය.
3. නි. අවධාරණ, නිශ්චය ආදි අර්ථවල යෙදෙන නිපාතය.

ම'කියුරස්

(පාරිභා.) නා.ප්‍ර. Hg2 අයනය අඩංගු සංයෝග විස්තර කිරීමට යොදන පදය.

මං

1. නා.ප්‍ර. පාර ; මාවත ; මාර්ගය.
2. විධිය ; මග ක්‍රමය.

මංකටයා

නා. ඔරුකටත් පත්තාර කූඩුවත් සම්බන්ධ කර බැඳීමේ එහි සිදුරු අතරින් ලණුව යැවීමට ලීයෙන් කළ ඉඳිකටුවක් වැනි උපකරණය.

මංකඩ

1. නා.ප්‍ර. අඩි පාර ; කුඩා පාර.
2. තොටුපළකට බසින තැන.
3. මංසන්ධිය.
4. (පාරිභා.) හුළං දුම් ආදිය පිටවීමට ඇති සිදුර ; වා නළය.

මංකඩිත්ත

(කථා.) නා. 1. ඉතා කුඩා මංකඩ.
2. කුඩා තොටුපළ.

මංකොල්ලය

නා. මඟතොට දී බලහත්කාරයෙන් අනුන් සතු දේ පැහැර ගැනීම ; මං පැහැරීම.

මංගර

නා.ප්‍ර. ලාංකික ප්‍රාදේශික දෙවියෙකුගේ නාමය.

මංගල

වි. ගුණ ; යහපත්.
1. නා.ප්‍ර. යහපත් ස්වභාවයක සලකුණ ; යහපත.
2. උත්සව අවස්ථාව ; උතුම් අවස්ථාව.
3. ආවාහ විවාහ අවස්ථාව.
4. අඟහරු ග්‍රහයා.

මංගල විධිය

1. නා. පෙරමඟට හමුවන යහපත් යයි සම්මත ද් ; ශුභ නිමිති.
2. මංගල උත්සවයකදී සිදුකරන චාරිත්‍ර.

මංචය

(පාරිභා.) නා. තට්ටුව ; රාක්කය.

මංචාඩිය

නා. බර ප්‍රමාණයක් ; මදටිය ඇටයක බර ප්‍රමාණය ; කළඳකින් විස්සෙන් පංගුව.