සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1189

මකු

වි. අනුන් ගුණ මකන ; කෙළෙහි ගුණ නොසලකන.

මකුට බන්ධනය

නා. ඔටුනු පැලඳවීම.

මකුටය

1. නා. ඔටුන්න ; කිරීටය.
2. හිස් වැසුම ; තලප්පාව.
3. (ප්‍ර. යෙදේ) (සංගී.) බෙර විශේෂයක්.

මකුණා

1. නා. ඇඳ, පුටු, මෙට්ට ආදියෙහි සිට ලේ උරා බොන පැතලි කුඩා කෘමි වර්ගයක් ; ඇඳ මකුණා.
2. මකුළුවා.

මකුල

නා.ප්‍ර. කැකූළ ; පොහොට්ටුව.

මකුළ

නා. සුදු පැහැති සිහින් පස් හෙවත් මැටි විශේෂයක්.

මකුළුවා

නා. කෘමි භක්ෂක ගණයට අයත් කුඩා සත්ව විශේෂයක්.

මග

1. නා. පාර ; මාවත ; මාර්ගය.
2. යම් කාර්යයක් ඉටු කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමය ; පිළිවෙළ ; පිළිවෙත.

මග අරිනවා

ක්‍රි. යමක් නො කර සිටීමට උත්සාහ ගන්නවා ; යම් ක්‍රියාවක් කිරීමෙන් වළකිනවා ; අත් හරිනවා ; පැහැර හරිනවා.

මගට බහිනවා

ක්‍රි. අසරණභාවයට පත් වෙනවා ; දුප්පත් වෙනවා ; හිඟමනට බහිනවා.

මගඩි

වි. (නව.) ප්‍රයෝගකාරි ; වංචනික ; තක්කඩි ; කපටි ; රැවටිලිකාර.

මගතොට

නා. මාර්ගය ; පාර.

මගධ

නා.ප්‍ර. බුද්ධකාලීන දඹදිව සොළොස් මහජනපදවලින් එකක්.

මගනවා

ක්‍රි. බලනවා ; නිරීක්ෂණය කරනවා.

මගපල

නා. බුදු දහමෙහි සඳහන් ආර්ය මාර්ගයෙහි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන ඵල.

මග්ග

1. නා.ප්‍ර. මාර්ගය. - ආ නිවන් ලබන මාර්ගය ; සතර මාර්ග.
3. තණ්හාව දුරුකොට සඳහා විශුද්ධිය ලැබීම අනුගමනය කළ යුතු ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය.

මග්න

වි. ගිලුණු ; ගැලුණු, එරුණු.

මගියා

1. නා. මාර්ගයෙහි ගමන් කරන්නා ; මග යන්නා ; පථිකයා.
2. මාර්ගයෙහි ගමන් කරමින් යමක් යදින තැනැත්තා.

මගීපුරුෂයා

නා. මගියා ; වන්දනාකරුවා.

මගුල

1. නා. යහපත් කටයුත්ත ; උතුම් ක්‍රියාව.
2. විවාහ මංගල්‍යය.
4. උත්සවය ; ශුභ අවස්ථාව.

මගුල්

1. වි. යහපත් ; ශුභ ; උතුම්.
2. උත්සව කටයුතු සම්බන්ධයෙන් වූ.
3. විවාහ කටයුතු සම්බන්ධයෙන් වූ.
4. රාජකීය ; රජුට අයත්.

මගුල් කනවා

(නව.) ක්‍රි. මංගලෝත්සවයක් පවත්වනවා ; ආවාහ විවාහ උත්සවයේ දී පැමිණි පිරිසට කෑම බීමෙන් සංග්‍රහ කරනවා.

මගුල් කපුවා

1. නා. රජුගේ කරණවෑමියා ; රජුගේ හිසකෙස් ඇඳුම් පැළඳුම් ආදිය පිළියෙළ කරන්නා.
2. ආවාහ විවාහ යෝජනාගෙන ඒම වෘත්තියක් වසයෙන් කරන තැනැත්තා ; ආවාහ විචාරන්නා; මඟුල් ජෝඩු කරන්නා.

මගුල් බෙරය

නා. යහපත් කටයුතු ආරම්භයේ දී වයන බෙරය ; මංගල සම්මත අවස්ථාවලදී වාදනය කරනු ලබන බෙරය.

මගුල් මඩුව

1. නා. මංගල මහා ශාලාව ; රාජකීය මණ්ඩපය.
2. විවාහ මංගල උත්සවයක් සඳහා විශේෂයෙන් සාදන මඩුව හෙවත් ශාලාව.