සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1218
මහා කරුණාව
නා. බුද්ධාදි මහෝත්තමයන් සියලු සත්ත්වයන් කෙරෙහි පතුරවන කරුණාව ; අභයදායී ගුණය.
මහා කල්පය
නා. අසඞ්ඛ්‍ය කල්ප හතරකින් යුක්ත වූ ගණන් කළ නොහැකි ඉතා දීර්ඝ කාලපරිච්ඡේදය ; මහා කප.
මහා කාල
1. නා.ප්‍ර. ශිව දෙවියා ; මෙහෙසුරා.
2. නාග රජකුගේ නාමය.
3. අධික කාල වර්ණයෙන් යුත් තැනැත්තා.
මහා කුලය
නා. හින්දු සංස්කෘතියට අයත් ක්ෂත්රිය, බ්‍රාහ්මණ හා වෛශ්‍ය යන තුන් කුලය.
මහා කෝණය
නා. සෘජු කෝණයකට වඩා විශාල කෝණය; අංශක 90ට වැඩි කෝණය.
මහා ඝෘත
නා.ප්‍ර. බොහෝ කාලයක් පරණ වූ ගිතෙල.
මහා ජනපද
නා.බහු. බුද්ධකාලීන දඹදිව වූ ප්‍රධාන ජනපද සොළස.
මහා දෛවඥ
නා.ප්‍ර. යම ; යමරජ.
මහා ධමනිය
(පාරිභා.) නා. හෘදය වස්තුවේ සිට ශරීරය පුරා ලේ ගෙන යන ප්‍රධාන නහරය ; ප්‍රාභ්‍යුදය.
මහා පරිගණකය
නා. බලයෙන් අඩු පරිගණක ගණනාවක් සම්බන්ධ කර ඇති අධික බලයක් සහිත පරිගණකය.
මහා ප්‍රාචීරය
නා. මනුෂ්‍ය දේහයේ පහළ කොටස වූ උදරයේ පහළ කෙළවර සීමා වී ඇති ආරුක්කුවක් වශයෙන් පිහිටි ආවරය.
මහා බඩවැල
නා. ආහාර දිරවීම සඳහා උදර කුහරයෙහි පිහිටා ඇති අවයවයක් ; මහාන්ත්‍රකය.
මහා බැලුම්
නා.ප්‍ර. බෝසතාණන් බුදු බව ලබන මිනිසත් බවෙහි ඉපදීම සඳහා පරීක්ෂා කර බලන කරුණු පහ.
මහා බෝධිය
1. නා. දෙවනපෑතිස් රජ සමයෙහි අනුරාධපුර මහමෙවුනා උයනෙහි සිටුවන ලද බෝධි වෘක්ෂය ; (දඹදිව ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව).
2. විශාල බලසම්පන්න බෝධි වෘක්ෂය.
මහා මණ්ඩලය
1. නා. පැරණි දඹදිව බෙදා තිබුණු තුන් කොටසින් එකක්.
2. (නව.) එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සභාව.
මහා මන්ත්‍රී
නා.ප්‍ර. අනෙක් මන්ත්‍රීවරුන්ට වඩා ප්‍රධාන තැනක් ගන්නා මන්ත්‍රීවරයා ; අග්‍ර මන්ත්‍රීවරයා.
මහා මානී
නා.ප්‍ර. මහත් වූ මානයෙන් යුක්ත වූ පුද්ගලයා.
මහා මුද්‍රාව
නා. රජයේ නිල ලාංඡනය ; රාජ්‍ය ලාංඡනය.
මහා මේඝය
1. නා. තද වැස්ස ; මහා වර්ෂාව.
2. විශාල වැහි වලාකුළ.
3. අනුරාධපුරයේ ඓතිහාසික අටමස්ථානය පිහිටි මහමෙවුනා උයන.
මහා ලෝකධාතු
නා.ප්‍ර. සූර්යයාගේ ආලෝකය හෝ ආකර්ෂණය පවත්නා මහා භූමි හෙවත් චක්‍රවාට කෝටි සියයකින් යුත් ලෝක සංකීර්ණය ; මහාසක්වළ.
මහා වීර්ය
නා.ප්‍ර. බුදු බව ලැබීම සඳහා සිද්ධාර්ථ තවුසාණන් විසින් අවුරුදු සයක් මුළුල්ලේ කරන ලද මහත් දුෂ්කර ක්‍රියා.
මහා වෘක්ෂ
නා.ප්‍ර. මනුෂ්‍ය ලෝකයේත් දෙව්ලොවත් ඇතැයි සඳහන් අටමහා රුක්.
මහා සංගීතිය
1. නා. බුද්ධ ධර්මය තෝරා බේරා ගැනීම සඳහා භික්ෂූන් එක් වී පවත්වන මහා සංගායනාව ; බුද්ධ ධර්මය සංගායනා කිරීම.
2. දෙවන ධර්ම සංගායනාවේ තීරණවලට විරුද්ධ ව දශවස්තු පිළිගත් භික්ෂූ පිරිසක් කොසැඹෑ නුවර දී පැවැත්වූ අභිෂේක සංගායනාව හැඳින්වූ නාමය.
මහා සත්ත්වයා
නා. බුදු බව පතන උතුම් සත්ත්වයා ; මහබෝසත්.
මහා සම්මත
නා.ප්‍ර. කල්ප විනාශයෙන් අනතුරුව ලෝකය හා සත්වයන් පහළ වූ පසු පළමුවරට මහජනයාගේ සම්මතයෙන් පත් වූ රජු හඳුන්වන නාමය.