සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1219
මහා සමුද්‍රය
1. නා. මහ මුහුද ; මහ සයුර ; මහා සාගරය.
2. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය.
මහාඝෝෂ
නා.ප්‍ර. (මහත් වූ හඬ යනු වාච්‍යාර්ථයි) දිව්‍ය රාජයකුගේ නාමය.
මහාචාර්යයා
නා. විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක යම් විෂයයක් පිළිබඳ ප්රමුඛ ආචාර්යවරයා ; මහ ඇදුරා.
මහාත්ත්වය
නා. මහිමය ; ආනුභාවය.
මහාත්ම
වි. උදාර ගති ඇති ; මහත් වූ ආත්ම ගුණයක් ඇති; උතුම්.
මහාත්මයා
නා. උදාර ගති ඇති තැනැත්තා ; උත්තමයා.
මහාද්වීප තටකය
නා. මහාද්වීප වටා පිහිටි ක්‍රමවත් බැස්මක් ඇති නොගැඹුරු මුහුදු පත්ල.
මහාද්වීපය
නා. පෘථිවි ගොඩබිම බෙදී පවත්නා අතිවිශාල භූමි ප්‍රදේශය.
මහාද්වීපික ප්ලාවිතය
(පාරිභා.) නා. ලෝකයේ ආරම්භක බිම් කුට්ටිය කැඩී පාවී ගොස් දැනට පවත්නා මහාද්වීප සෑදෙන්නට ඇතැයි පැවසෙන මතය.
මහාදිපාද
නා.ප්‍ර. පැරණි රජ දවස වූ තනතුරු නාමයක් ; යුවරජ ; මාපා.
මහාධිකරණය
[මහා + අධිකරණය]
නා. ශ්‍රී ලංකාවේ පවත්නා ඉහළම සේ ම, යම් සංකීර්ණ නඩු විභාගයක් පිළිබඳ අවසන් තීරණ දෙන්නා වූ ද උසාවිය ; ශ්‍රේෂ්ඨාධිකරණය.
මහාධුරය
නා. විහාරයක නොහොත් දේවාලයක යම් දිනයක් තුළ පැවැත්වෙන ප්‍රධාන තේවය හෝ හේවිසිය.
මහානසය
නා. මුළුතැන්ගෙය ; කුස්සිය.
මහානීය
වි. උසස් ; ගරු කටයුතු ; සම්භාව්‍ය.
මහාප්‍රාණ
වි. මහත් වූ ප්‍රාණයක් ඇති ; උස් හඬින් උච්චාරණය කරන.
නා.ප්‍ර. සංස්කෘත, පාලි, සිංහල ආදි ඉන්දු-ආර්ය භාෂා හෝඩිවල බර ස්වරයකින් උච්චාරණය කෙරෙන ඛ, ඝ ආදි අකුරු.
මහාඵල
1. නා.ප්‍ර. ප්‍රමාණයෙන් ලොකු ගෙඩි.
2. මහත් ලොකු ප්‍රයෝජන ; උසස් ප්‍රතිඵල.
මහාබ්‍රහ්ම විහාර
නා.ප්‍ර. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණ සතරින් යුක්තව වාසය කිරීම.
මහාභූත
නා.ප්‍ර. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ප්‍රධාන භූත රූප හතර.
මහාමාත්‍ය
[මහා + අමාත්‍ය]
1. නා.ප්‍ර. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන අමාත්‍යයා ; අග්‍රාමාත්‍යවරයා.
2. වර්තමාන පළාත් සභාවේ මහ ඇමති ; ප්‍රධාන අමාත්‍ය.
මහාමාත්‍ර
නා.ප්‍ර. රාජ මන්ත්‍රීන් හා වෙනත් උසස් නිලධාරීන් හැඳින්වූ පැරණි පදවි නාමයක්.
මහායානය
1. නා. බුදුවීමෙන් ම නිවන් අවබෝධ කර ගැනීම පරමාර්ථ කොටගත් බෞද්ධ නිකාය.
2. ඒ ධර්මය හා දර්ශනය.
මහාර්ඝ
[මහා + අර්ඝ]
වි. අගයෙන් වැඩි ; ඉතා අගනා ; මාහැඟි.