සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1220
මහාරෝග්‍යශාලාව
නා. දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන රෝහල ; මහ රෝහල.
මහාරෞරව
නා.ප්‍ර. මහා නරකයන් අටෙන් එකක නාමය.
මහාල්
1. නා.ප්‍ර. මහල ; මන්දිරය.
2. ගෙයක මාලය.
මහාවංසය
1. නා. රාජ පරම්පරාව ; රජවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ පෙළපත.
2. මහානාම තෙරුන් විසින් ක්‍රි. ව. පස්වන සියවසේ දී පාලි ගාථාවෙන් රචිත ලංකාව පිළිබඳ ඉතිහාස ග්‍රන්ථය.
මහාවප්රඥානය
නා. වජ්රයක් හෙවත් දියමන්තියක් වැනි තියුණු නුවණ.
මහාවපාව
(පාරිභා.) නා. ආමාශයේ සිට උදර කුහරයේ වෙනත් ඉන්ද්‍රියයක් කරා විහිදී යන තනිපට හෝ දෙපට පටලය.
මහාවායු
නා.ප්‍ර. ජීවිත ස්ථිතියට හෙවත් ශරීරයේ පැවැත්මට අවශ්‍ය පස්වැදෑරුම් වායු.
මහාවිෂුවය
නා. වසන්ත සෘතුවේදී දවාල හා රාත්‍රිය සමව පවත්නා දිනය.
මහාවෘක්කිකාව
(පාරිභා.) නා. ද්වි ප්රස්තර සතුන්ගේ බහිස්රාවී නාලය ; වකුගඩුවක කාර්යය ඉටු කරන අවයවය.
මහාවෘත්ත ඛණ්ඩය
(පාරිභා.) නා. කිසියම් තලයක් විච්ඡේදනය කිරීමේ දී ලැබෙන වෘත්තයේ ප්‍රධාන කොටස.
මහාවෘත්තය
1. නා. (ගණිත.) ගෝලයක මධ්‍ය කේන්ද්‍රය හරහා යන තලයකින් කෙරෙන අන්තර් ඡේදනය.
2. පෘථිවියේ හරි මැද මධ්‍යය කොටගෙන පෘථිවි පෘෂ්ඨය මත වැටී ඇතැයි සලකන කල්පිත රේඛාව ; සමකය හෙවත් නිරක්ෂය නිදර්ශනයකි.
3. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ වශයෙන් ශාසනය කෙටස් තුනකට බෙදීමේ දී ප්‍රතිපත්ති ධර්ම කොටසට අයත් විනය පිටකයේ අඩංගු අසූ දෙකක් වූ වතාවත් සමූහය.
මහාශිරාව
නා. හෘදයේ දකුණු කර්ණිකාවට ලේ ගෙන යන ප්‍රධාන නාලය.
මහාසන්ධි
නා.ප්‍ර. ශරීරයේ ප්‍රධාන සන්ධි ස්ථාන ; ඇට සන්ධි වන ප්‍රධාන තැන්.
මහාසාර
වි. ඉතා වටිනා ; ඉතා අගනා ; මහාර්ඝ.
මහාසාර පෝය
නා. පුර පසළොස්වක පෝය දිනය.
මහික
නා.ප්‍ර. මීදුම ; ඝන මීදුම් පටලය.
මහිච්ඡතා
නා.ප්‍ර. යම් දෙයක් ලබාගැනීම සඳහා පවතින අධික රුචිය ; දැඩි තණ්හාව.
මහිත
වි. පිදිය යුතු ; පූජනීය.
මහිමය
1. නා. මහත්ත්වය ; උසස් හා උතුම් බව ; ශ්‍රේෂ්ඨත්වය.
2. බලය ; ආනුභාවය.
3. තෙද ; තේජස.
4. ශ්‍රී විලාසය ; අලංකාරය.
5. ආකාරය ; ස්වභාවය.
6. අගය ; වටිනාකම.
7. පුදුමය ; විස්මය.
මහිලාව
නා. කාන්තාව ; තරුණිය.
මහිෂ
නා.ප්‍ර. මීහරකා ; මී ගොනා.
මහී
නා.ප්‍ර. පොළොව ; පෘථිවිය.
මහීධර
නා.ප්‍ර. පව්ව ; පර්වතය.
මහීරුහ
නා.ප්‍ර. ගස ; වෘක්ෂය.