සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1237
මිච්ඡා දිට්ඨිය
නා. වැරදි සහගත දැකීම හෝ දැනීම ; වැරදි දර්ශනය.
මිච්ඡා වාචා
නා.ප්ර. වැරදි සහගත වචන ; වාග් දුශ්චරිතය.
මිච්ඡා වායාම
නා.ප්ර. වැරදි සහගත වීර්යය.
මිච්ඡා විමුක්ති
නා.ප්ර. වැරදි සහගත මිදීම ; ක්ලේශවලින් නොමිදුණු තැනැත්තා තමා ඒවායින් මිදී ඇතැයි ඇති කර ගන්නා හැඟීම.
මිච්ඡා සංකප්ප
නා.ප්ර. වැරදි සහගත හෝ අකුසල් සහගත කල්පනා.
මිච්ඡා සති
නා.ප්ර. අකුසල පාක්ෂික වූ චිත්ත ස්වභාවය.
මිච්ඡා සමාධි
නා.ප්ර. වැරදි සහගත ලෙස ඇති කරගන්නා චිත්ත ඒකාග්රතාව හා චිත්ත ප්රීතිය.
මිච්ඡාචාරය
නා. වැරැදි හැසිරීම ; කාමයෙහි වැරැදි ලෙස හැසිරීම.
මිච්ඡාජීව විරතිය
නා. වැරදි ජීවිකාවෙන් වෙන් වීම.
මිච්ඡාජීවය
මිඤ්ජක
නා.ප්ර. පලවැලවල මදය ; ගෙඩිවල මදය.
මිට
1. නා. ඇඟිලි නමා තද කොටගත් අත්ල ; අතෙහි මුෂ්ටිය.
2. උපකරණයක් ඇල්ලීම සඳහා සවි කළ කොටස.
3. අහුර ; අතළොස්ස.
4. මැනීමේ කුඩා ඒකකයක් වන කළන් දොළොස ; පලම.
5. මෙඩූසා නමැති ජීවියාගේ අවතල පෘෂ්ඨය මැද්දෙන් එල්ලෙන කෙටි ප්රසරය.
මිට මොළවනවා
1. ක්රි. අත්ල හකුළුවා ගන්නවා ; ඇඟිලි හකුළා ගන්නවා.
2. අත්ලස් දෙනවා ; අත්ලස් වශයෙන් අනිකකුගේ අත ගෙන මිල මුදල් තබා හකුළුවනවා.
මිටි
වි. උසින් අඩු ; කොට ; ලුහුඬු ; කුරු ; වාමන ; අඟුටු.
මිටි කරනවා
ක්රි. පහත් කරනවා ; අඩු කරනවා.
මිටි රියන
නා. මිට මෙළවූ අතෙහි කෙළවර සිට වැලමිට තෙක් ගන්නා රියන.
මිටි වෙනවා
1. ක්රි. (තත්ත්වයෙන්) පහත් වෙනවා.
2. (ප්රමාණයෙන්) අඩු වෙනවා.
3. දුර්වල වෙනවා ; කුරු වෙනවා.
මිටිකිරි
නා.ප්ර. ගාන ලද පොල්වලින් පළමුවරට මිරිකා ගත් කිරි ; ඉස්කිරි.
මිටිගුළිය
නා. හකුළා ගත් අත්ල ; මුෂ්ටිය.
මිටිතැන්
නා.ප්ර. පහත් තැන.
මිටිය
1. නා. යකඩ, ඇණ ආදිය තැළීමට හෝ ගැසීමට භාවිත කරන උපකරණයක්.- එකට එක් කළ ගොඩ ; පොදිය.
මිටියම්
වි. ගිල්වන ලද ; තළන ලද ; මට්ටම් කරන ලද.
මිටියම් මිටිය
නා. යමක් තළා මට්ටම් කිරීමට ගන්නා මිටි විශේෂයක්.
මිටියාවත
නා. කඳු දෙකක් අතර පිහිටි පහත් බිම ; නිම්නය ; දෙණිය.
මිටිවහණ
නා. ගල් තළන ලොකු මිටිය ; කුළුගෙඩිය ; කිණිහිර.