සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1236
මැසිවිල්ල
1. නා. කන්නලව්ව ; බැගෑපත් කෙඳිරිම ; අඳෝනාව.
2. දොම්නස් සහගත කීම ; දෝෂාරෝපණය ; නෝක්කාඩුව.
මැහැලිය
නා. වයස්ගත කාන්තාව ; මහලු ස්ත්‍රිය.
මැළවෙනවා
1. ක්‍රි. මළානික වෙනවා ; පැහැපත් ගතිය නැති වෙනවා.
2. පලා මැල්ලුම් ආදිය ලිපේ ගිනි මත පදමට රත් වෙනවා.
මැළි
වි. කම්මැළි ; අලස ; කුසීත.
නා.ප්‍ර. අලස බව ; කම්මැලිබව ; කුසීත බව.
මෑ
1. නා.ප්‍ර. රනිල කුලයට අයත් මාෂ බෝග වර්ගයක් ; එළවළු පිණිස ගනු ලබන සිහින් දිග කරල් විශේෂය.
2. මේ තැනැත්තිය ; මැය.
3. මාතෘකාව.
4. මව ; මාතාව.
මෑ පෙළ
නා. මාතෘකා පාඨය ; කාරණයක් විස්තර කිරීමට මුලට යොදා ගන්නා වචනය.
මෑණියන්දෑ
නා.බහු. අම්මා ; මව ; ගෞරවාර්ථයෙහි යෙදේ.
මෑත්
නා.ප්‍ර. මේ අත ; මේ පැත්ත ; ළඟ.
මෑත් කරනවා
1. ක්‍රි. ළං කරනවා ; සමීප කරනවා ; කිට්ටු කරනවා.
2. මෙහාට කරනවා ; මේ පැත්තට හරවනවා.
3. බැහැර කරනවා ; ඉවත් කරනවා ; ඉවතට ගන්නවා.
මෑනීම
1. නා. එල්ල කිරීම ; ඇටවීම.
2. කෙක්කක්, රිටක් ධාරකයක් මෙන් යොදා ගැනීම.
3. (ලෝහ කර්මාන්තය වැනි කාර්යයන්හි දී) දක්ෂ ලෙස වැඩෙහි යෙදවීම.
4. (කථා.) උඩින් උඩින් පය තබා ඇවිදීම.
5. යමක් සම්බන්ධ අදාළ කාර්යයෙහි නිමාව.
මෑල්ල
නා. මැහැල්ල ; මහලු ස්ත්‍රිය.
මෑලි
වි. මහලු වූ ; කල් ගතවීමෙන් පරණ වූ.
මිංජක පේශිය
(පාරිභා.) නා. ගාත්‍රයක් පිටුපසට චලිත කරවීමට උපකාරී වන පේශිය.
මිග
1. නා.ප්‍ර. හීලෑ නොකළ සිවුපාවා ; මෘගයා.
2. මුවා.
3. වහසිබස් ; අහංකාර වචන ; අපවාද.
4. ඖෂධීය කොළ වර්ගයක්.
මිග කියනවා
ක්‍රි. වහසිබස් කථා කරනවා ; පුරසාරම් දොඩවනවා ; හපන්කම් කියනවා ; තර්ජනය කරනවා.
මිගදාවනය
1. නා. මුවන්ට අභය දුන් වනය ; මුවන්ගේ අභය භූමිය.
2. දඹදිව ඉසිපතනයෙහි මුව අභය භූමිය.
මිගපති
නා.ප්‍ර. මෘගරාජයා ; සිංහයා.
මිගාවිත
1. නා.ප්‍ර. මුවන්ගේ අභය භූමිය.
2. බරණැස ඉසිපතනයේ මුව වනය.
මිගිඳු
මිච්ඡා
වි. මිථ්‍යාචාර ; අසත්‍ය ; යහපත් නොවූ.
මිච්ඡා ආජීව
නා.ප්‍ර. වැරැදි දිවි පැවැත්ම.
මිච්ඡා කම්මන්ත
නා.ප්‍ර. වැරදි සහගත කර්ම හෝ ක්‍රියා.
මිච්ඡා ඤාණය
නා. පාපකර්මයක් සිදු කොට තමා යහපත් දැයක් ඉටු කළැයි සිතීම හෙවත් මෝහය.
මිච්ඡා දස්සනය
නා. වැරදි දැකීම ; මිච්ඡා දිට්ඨිය.