සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1265
මූර්ඡනය
නා. සිහි නැති වීම ; ක්ලාන්ත වීම ; මූර්ජාව.
මූර්ඡනා
(පාරිභා.) නා. (භෞති.) 1. වාදනයේ දී තාරතාව හෝ සංඛ්‍යාතය හෝ වෙනස් කිරීම; විස්තාරය වෙනස් කිරීම.
2. (සංගී.) ආරෝහණ-අවරෝහණ වශයෙන් ඇතිවන ස්වරවල අනුක්‍රමය.
මූර්ත
1. වි. නිර්මිත ව පවතින ; ඇත්ත වශයෙන් පවතින ; සැබෑ.
2. එක් දෙයක් නිරූපණය කරන.
මූර්ත ආදායම
නා. මුදලින් ඇති ආදායම් හා භාණ්ඩ හා සේවා.
මූර්ත වියදම
නා. රජයක් විසින් කරන ලද පොදු වැය.
මූර්ත සංඛ්‍යාව
නා. (ගණිත.) නිශ්චිත ගණන.
මූර්ති කර්මය
නා. ප්‍රතිමා රූප සෑදීම ; මූර්ති නිර්මාණය ; පිළිරූ සෑදීමේ කාර්යය.
මූර්ති කලාව
නා. පිළිම නෙළීම සහ රූප ඇඹීම පිළිබඳ කලාව.
මූර්ති ශිල්පය
නා. ලී, ගල්, මැටි, ලෝහ ආදියෙන් පිළිම කැටයම් ආදිය ඇඹීම පිළිබඳ ශාස්ත්‍රය.
මූර්තිත්රය
නා. හින්දු ආගමේ ප්‍රධාන දෙවියන් වන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර ත්‍රිමූර්තිය.
මූර්තිභඤ්ජනය
1. නා. පිළිම කඩා දැමීම.
2. පිළිම වන්දනාවට විරුද්ධවීම.
මූර්තිමත්
වි. මවා දැක්වෙන ශරීරයක් ඇති ; නිර්මාණය කරන ලද ; මවන ලද.
මූර්තිය
1. නා. ශරීර ආකෘතිය ; රූප ස්වභාවය.
2. ධාතුව ; රූපාකාරය ; හැඩරුව ; පිළිමය.
3. ද්‍රව්‍යය ; ද්‍රව්‍ය ස්වභාවය.
4. අෂ්ට මූර්ති ; ආකාශ, වායු, අග්නි, ජල, පොළෝ, චන්ද්‍ර, සූර්ය සහ සජමාන නම් මූර්ති අට.
මූර්ධ
නා.ප්‍ර. මුදුන ; මස්තකය.
මූර්ධකය
(පාරිභා.) නා. අස්ථියක කුඩා රවුම් වූ හිසක් වැනි වූ නෙරුවක් ; ශීර්ෂිකාව.
මූර්ධජ
වි. (මුවෙහි) මුදුනෙන් උපන් ; මුදුනෙන් හටගත් මූර්ධන්ය.
මූර්ධජ අක්ෂර
නා.ප්‍ර. උඩුතල්ලේ මුදුනින් උපදින ශබ්ද නිරූපණය කරන අකුරු ; ර, ෂ, ළ යන අක්ෂර සහ ට-වර්ගයට අයත් අක්ෂර ; මූර්ධන්ය අක්ෂර.
මූර්ධාභිෂික්ත
මූර්බ
වි. මෝඩ ; අනුවණ ; අඥාන.
නා.ප්‍ර. රනිල වර්ගයක් වන උළුන්දු මෑ.
මූර්බයා
නා. මෝඩයා ; අඥානයා.
මූල
1. නා.ප්‍ර. ගස්වැල් ආදියෙහි ස්ථාවරභාවය ඇතිකරන අවයවය.
2. ආරම්භය ; පදනම.
3. සමීපය ; අසල.
4. අර්ශස් රෝගය.
5. මූලාශ්‍ර.
6. මුදල ; මිල.
7. (ගණිත.) මූලය ; අගය ; සාධකය.
8. ගුද මාර්ගය.
9. පහත කෙළවර.
10. සමූහය ; රාශිය.
වි. පරපුරෙන් පැවත එන.
මූල ආකන්දය
(පාරිභා.) නා. (උද්භි.) ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ඇතැම් ශාකවල ඇති ආගන්තුක මුලක්.
මූල ඒකක
(පාරිභා.) නා.ප්‍ර. 1. (රසා.) මුල් වූ ද්‍රව්‍යය ; මූලික වූ හේතුව ; මූලික සිද්ධාන්තය.
2. (උද්භි.) ශාක මූලයක ඒක අංගයක්.
වි. මුල් වූ ; මූලික වූ ; ප්‍රධාන වූ.
මූල කේන්ද්‍රය
(පාරිභා.) නා. (ගණිත.) වෘත්ත හෝ රේඛා හෝ කීපයක් එකින් එක කැපෙන පොදු ලක්ෂ්‍යය.