සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1266
මූල චිත්තය
නා. සත්වයාට පළමුවෙන් ම පහළ වන සිත ; භවාංග සිත.
මූල ඡේදනය
(පාරිභා.) නා. මුල් සිඳ දැමීම ; මුල් කපා දැමීම.
මූල තලය
නා. හිස්කබල.
මූල ධර්මය
නා. මූලික න්‍යායය; සෛද්ධාන්තික පදනම ; ආරම්භක සත්‍යය.
මූල පද්ධතිය
නා. ශාකයක මුල් සමූහය ; මුල් මඬුල්ල පිහිටා ඇති ආකාරය.
මූල ප්‍රකෘතිය
1. නා. (දර්ශන.) සත්ව රජස් තමස් යන ගුණත්රයෙහි සාම්යාවස්ථාව ; මූලික ස්වභාව.
2. (ව්‍යාක.) නාමයක හෝ ක්‍රියාවක මූල ස්වභාවය.
මූල ලකුණ
(පාරිභා.) නා. (ගණිත.) සංඛ්‍යා මූලයක සංකේතය ; මූලීය සංකේතය.
මූල විහාර
නා.ප්‍ර. පැරණි ලක්දිව භික්ෂු අධ්‍යාපන ආයතන වශයෙන් පැවති මූල ස්ථාන අට ; අෂ්ට මූලායතනය.
මූල සංඛ්‍යාව
නා. එකෙන් හා එම සංඛ්‍යාවෙන් හැර වෙන ගණනකින් බෙදිය නොහැකි ගණන ; මුල් ඉලක්කම ; මූලාංකය.
මූල සාධකය
1. නා. එකෙන් හා එම සංඛ්‍යාවෙන් පමණක් ඉතිරියක් නොමැතිව බෙදිය හැකි ගණන.
2. ප්‍රධාන හේතුව ; මූලික කාරණය.
මූල සිද්ධාන්තය
නා. (ගණිත.) මූලික න්‍යාය ; ආරම්භක නියමය.
මූලකාරණය
නා. මුල් හේතුව ; ආරම්භක හේතුව ; ප්‍රධාන කරුණ.
මූලකේශ
(පාරිභා.) නා.ප්‍ර. (උද්භි.) මුල්වල වර්ධන ස්ථානවලට මඳක් පිටුපසින් අපි-චර්මයේ පිට බිත්තියේ වර්ධනය වන දීර්ඝ ප්‍රසර.
මූලගන්‍ධය
නා. ගස්වැල්වල සහ මුල්වල සුවඳ.
මූලගැටිති
(පාරිභා.) නා.ප්‍ර. නයිට්රජන් ස්වීකාරක බැක්ටීරියා නිසා රනිල ශාක මුල්වල සෑදෙන කුඩා ගැට.
මූලජ
වි. මුලින් හටගන්නා වූ ; මුලින් උපන්.
නා.ප්‍ර. මුල්වලින් අල සෑදෙන ඉඟුරු මානෙල් කලාඳුරු වැනි ඖෂධ වර්ග.
මූලටිකාව
නා. අභිධර්මයට ලියූ අර්ථ විවරණ ග්‍රන්ථය (ටීකාව).
මූලද්‍රව්‍ය
නා.ප්‍ර. (රසා.) රසායනික ක්‍රම මගින් වෙනත් ද්‍රව්‍යවලට බෙදිය නොහැකි ද්‍රව්‍ය.
මූලධනය
නා. යම් ව්‍යාපාරයක් හෝ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා ආරම්භයේ දී වියදම් කරන මුදල ; ධනය ඉපයීමට යොදනු ලබන ප්රාග්ධනය.
මූලධමනිය
නා. හෘදය වස්තුවේ සිට ලේ ගමන් කරන මහා ධමනිය.
මූලධරය
(පාරිභා.) නා. (උද්භි.) මුල් සෑදෙන අවයවයක්.
මූලධාතු
නා.ප්‍ර. යමක් නිර්මාණය වී තිබෙන මූලික අංග ; මූල ද්‍රව්‍යය.
මූලපද
1. නා.ප්‍ර. (සංගී.) මුල් අක්ෂර ; මූලික ස්වර.
2. (අභි.) මූලික හේතු, කාරණා.
මූලප්පරාල
නා.ප්‍ර. පියසි හතරේ වහලයක මුදුන් යටලීයේ සිට නිවසේ සිවු කොන් දිගට විහිද යන ප්‍රධාන පරාල.