සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1267
මූලප්රඥප්ති
නා.ප්‍ර. (ශික්ෂාපදයන්ගේ) මුල් පැනවීම ; මුල් නියෝගය.
මූලප්රාකෘත
නා.ප්‍ර. ආර්යාවතරණයට පෙර භාරතයේ ව්‍යවහාර වූ භාෂාවක්.
මූලපාදිකය
(පාරිභා.) නා. ඇතැම් පහත් සත්ත්ව විශේෂවල තිබෙන මල් වැනි ව්‍යාජ පාදයක්.
මූලපාෂාණ
(පාරිභා.) නා.ප්‍ර. 1. (භූගෝ.) පෘථිවිය යටින් ඇති ගල් ස්තරය ; ගල් තට්ටුව.
2. මුල් ගල.
මූලබීජ
නා.ප්‍ර. මුල් හෝ අල සිටුවීමෙන් වැඩෙන ඉඟුරු වැනි ශාක විශේෂ.
මූලභාවය
නා. (අභි.) අන්‍ය ධර්මයන්ට උපකාරවන ධර්ම ; ලෝභ, ද්වේෂ, මෝහ, අලෝහ, අදෝෂ, අමෝහ යන ෂට් ආකාර හේතු ධර්ම.
මූලභාෂාව
නා. සියලු භාෂාවලට මුල් වූ භාෂාව.
මූලභූණය
නා. ඉරිඟු වැනි ධාන්‍ය විශේෂයන්හි මුල් හටගන්නා කොටස.
මූලරක්තාණුව
නා. (සත්ව.) රතු රුධිර සෛලවල මූලික අවස්ථාව.
මූලරසය
1. නා. වෘක්ෂලතාවන්ගේ මුල්වල පිහිටි තිත්ත කටුකාදි විවිධ රසය.
2. ජීවීන්ගේ ශරීරය සෑදී තිබෙන කෝෂ තුළ පිහිටි ඝන වූ ද්‍රව්‍යය; ජීවරස දියරය.
මූලශිරාව
නා. හෘදයේ දකුණු කර්ණක කෝෂයට රුධිරය ගමන් කරන ප්‍රධාන නාලය ; රුධිර වාහක ශිරාව.
මූලසත්වයා
නා. පෘථිවියෙහි මුලින් ම පහළ වූ ජීවියා ; ඇසට නොපෙනෙන තරම් කුඩා සත්වයා ; ඒක-ජීවාණුක ජීවියා ; ප්රාග් ජීවියා.
මූලස්කන්ධය
නා. අර්ධ ද්‍රව වස්තුවක් වන ජීවාණුවට අයත් ප්‍රධාන අංශය ; ප්‍රෝටෝ ප්ලාස්මය.
මූලස්ථ
වි. මුල පිහිටි ; මුල් වූ ; ප්‍රධාන වූ ; සමාරම්භක වූ.
නා.ප්‍ර. මුල් තැන ගන්නා තැනැත්තා ; මුලින් අණ කළ අය ; ප්රයෝජකයා.
මූලස්ථ නිර්වින්දනය
(පාරිභා.) නා. සුළු වේලාවක් සඳහා කරන නිර්වින්දනය.
මූලස්ථානය
1. නා. ප්‍රධාන කාර්යාලය ; ප්‍රධාන මධ්‍යස්ථානය.
2. මුල් තැන ; ප්‍රමුඛස්ථානය.
මූලස්වරය
නා. මුල් හඬ ; මූල නාදය.
මූල්හ විසර්ජනය
නා. යම් ප්‍රශ්නයක් ඇසූ කල්හි නිසි පිළිතුර නොදී වෙනත් පිළිතුරක් දීම.
මූල්‍ය
වි. මුදල් පිළිබඳ වූ ; මුදලට අදාළ වූ.
නා.ප්‍ර. මුදල් ; ධනය ; මිල ; අගය.
මූල්‍ය අර්බුදය
නා. රටක මුදල් තත්ත්වය පිළිබඳ තදබල පිරිහීම නිසා ඇති වන ගැටලු සහගත ස්වභාවය.
මූල්‍ය ප්‍රතිපත්තිය
නා. මුදල් කටයුතු පිළිබඳ ව අනුගමනය කරන වැඩ පිළිවෙළ ; මුදල් ප්‍රතිපත්තිය.
මූල්‍ය ප්රාග්ධනය
නා. (ආර්ථි.) මුදලින් ඇති මූල ධනය ; මුදල් වත්කම්.
මූල්‍ය පාලනය
නා. (ආර්ථි.) ආයතනයකට අදාළ මුදල් කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම.
මූල්‍ය වත්කම්
නා.ප්‍ර. මුදල්වලට පරිවර්තනය කළ හැකි සුරැකුම්.