සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1268

මූල්‍ය සංචිතය

නා. (ආර්ථි.) වියදම් නො කොට තබා ගන්නා මුදල.

මූල්‍ය සමාගම

නා. ණය පහසුකම් සැලසීම ආදි මුදල් පිළිබඳ කටයුතු සඳහා බලයලත් සමාගම.

මූල්‍යපත්

නා.ප්‍ර. බැංකුවක් මගින් විදේශීය වෙළඳපොළ සඳහා නිකුත් කරන මිල පත්‍රිකාව.

මූල්‍යබර

නා.ප්‍ර. ණය මුදලක් ආපසු ගෙවීමේ දී ඇතිවන දුෂ්කරතාව.

මූල්‍යාගාරය

නා. ලැබෙන මුදල් මෘගයා රැස්කොට තබා ගැනීම හා ආරක්ෂා කිරීම භාර රජයේ ආයතනය ; භාණ්ඩාගාරය.

මූලාංක

[මූල + අංක]
1. නා. වැඩි කරන ගණන ; ගුණකය.
2. මූල සාධකය.
3. මැනීම ආරම්භ කිරීමේදී පටන් ගන්නා ලක්ෂ්‍යය ; ශූන්‍යය.

මූලාංගය

[මූල + අංගය]
1. නා. මූලික අංගය ; මුල් ලක්ෂණය.
2. (උද්භි.) මුලක් වැනි පටයක්.

මූලාකෘතිය

[මූල + ආකෘතිය]
(පාරිභා.) නා. 1. (උද්භි.) විකසනයේදී පළමුවෙන් ම හඳුනා ගත හැකි අවයවයක ස්වභාවය ; මුල් හැඩය ; මූලාංකුරය ; මෞලය.
2. (සත්ව.) සත්ත්වයාගේ මුල් අවස්ථාවේ දී සිදුවන සෛල විභාජනයෙන් හට ගැනෙන සෛල සමූහය.

මූලාග්‍රය

(පාරිභා.) නා. (උද්භි.) මුලෙහි අග කොටස.

මූලාභය

(පාරිභා.) නා. (උද්භි.) බීජාණුවක් ප්‍රරෝහණය වන විට එයින් නිකුත්ව පොළොව තුළට වැඩෙන අවර්ණවත් ඒක සෛලීය කේශරය.

මූලාරම්භය

[මූල + ආරම්භය]
නා. මුල් පටන් ගැන්ම ; පළමු ආරම්භය.

මූලාල

1. නා.ප්‍ර. මුල් අල ; මුල්වලින් හටගන්නා අල ; ආහාර සංචිත වූ මුල් සහිත ශාක විශේෂයක්.
2. මුල් භාගය ; මුල් වාසස්ථානය.

මූලාවාස

[මූල + ආවාස]
නා.ප්‍ර. ප්‍රධාන සංඝාවාසය ; සංඝයාගේ මූලස්ථානය

මූලාශ්‍රය

[මූල + ආශ්‍රය]
නා.ප්‍ර. යමක් කිරීමට මුල් වූ දෙය ; සාධක වශයෙන් උපයෝගී කරගන්නා පත්පොත් ආදිය.

මූලාසනය

[මූල + ආසනය]
නා. සභාවෙක මුල් ආසනය ; සමූහයක් අතර ප්‍රධාන තැන ; සභාව මෙහෙයවන තැන ; සභාව මෙහෙයවන තැනැත්තාගේ අසුන ; මුලසුන.

මූලික

වි. මුල් වූ ; මුල්කොට ඇති ; ප්‍රධාන කොට ඇති ; ආරම්භක ; ප්‍රාථමික.
නා.ප්‍ර. කර්මාන්ත ශාලාවක කාර්මික සේවකයන්ගේ ප්‍රධානියා ; කාර්මික අංශයක මූලිකයා.

මූලික අන්තරය

(පාරිභා.) නා. උෂ්ණත්වමාන මාපාංකයක නිශ්චිත ලකුණු දෙකක් අතර ඇති අංශක ගණන.

මූලික අයිතිවාසිකම්

නා.බහු. (නීති) පුරවැසියකුට අයිති සාධාරණ හිමිකම් ; යුක්තිය පිළිබඳ හිමිකම්.

මූලික අවශ්‍යතා

නා.ප්‍ර. ජීවත්වීමට අවශ්‍යවන ප්‍රධාන දේ.

මූලික උපකල්පනය

(පාරිභා.) (ගණිත.) නා. කරුණු රහිත වුව ද සත්‍ය ලෙස පිළිගැනීම ; නිරවද්‍ය යැයි සැලකීම ; අභ්‍යුපගමය.

මූලික ඒකක

(පාරිභා.) නා.ප්‍ර. (භෞති.) ඒකක පද්ධතියකට අදාළ දිග, ස්කන්ධය හා කාලය මැනීමේ ඒකක.

මූලික කර්මාන්ත

නා.ප්‍ර. ද්විතීයික කර්මාන්තවලට උපයෝගී වන අමුද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්ත.

මූලික ද්‍රව්‍යය

නා. රසායනික ක්‍රම මගින් වෙනත් ද්‍රව්‍යවලට බෙදිය නොහැකි ද්‍රව්‍යය.

මූලික නීතිය

නා. (නීති.) ස්ථාවර නීතිමාලාව ; මූලික නීති පද්ධතිය.