සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1264

මූත්‍ර කුටිය

නා. මූත්‍ර කිරිමට තනා ඇති පැල ; කුටිය ; කෙසකිළිය.

මූත්‍ර කෘච්ඡය

නා. මූත්‍ර රෝගයක නාමය ; මුත්‍ර අඩස්සිය.

මූත්‍ර කෝෂය

නා. මූත්‍ර බොක්ක ; මූත්‍රාශය.

මූත්‍ර ගල

නා. වකුගඩු තුළ සෑදෙන ගල් විශේෂයක් ; අශ්මරි.

මූත්‍ර ප්‍රතිපූතිකය

(පාරිභා.) නා. මූත්‍රවල විෂබීජ නසන ඖෂධයක්.

මූත්‍ර ප්‍රදාහය

නා. මූත්‍ර මාර්ගය ඉදිමීම හෝ එහි හට ගැනෙන දැවිල්ල හා සම්බන්ධ රෝගය.

මූත්‍ර ප්‍රසේකය

1. නා. මූත්‍ර වාහිනී නාලය.
2. මූත්‍ර නාලය.

මූත්‍රණය

(පාරිභා.) නා. මූත්‍ර පහ කිරීම ; මේහනය.

මූත්‍රප්‍රණාලය

(පාරිභා.) නා. වකුගඩුවේ ක්‍රියාකාරි කොටසට අයත් වෘක්ක නාලිකාව.

මූත්‍රපාතනය

නා. මූත්‍ර වැගිරීම ; මූත්‍ර පිටවීම.

මූත්‍රපාතිය

(පාරිභා.) නා. මූත්‍ර පහ කිරීමට භාවිත කරන බඳුන ; මූත්‍ර පෝච්චිය.

මූත්‍රාශය

[මූත්‍ර + ආශය]
නා. වකුගඩුවෙන් පෙරී මූත්‍රවාහිනී නාළ දිගේ එන මූත්‍ර පිටවන තෙක් ගබඩා වී තිබෙන අවයවය ; මූත්‍ර බොක්ක.

මූතුමානය

(පාරිභා.) නා. මූත්‍රයෙහි විශිෂ්ට ගුරුත්වය නිර්ණය කිරීම සඳහා භාවිත කැරෙන ද්‍රව මානයක්.

මූද මණිමේඛලාව

නා. සාගරයට අරක්ගෙන සිටිතැයි විශ්වාස කරන දෙව්දුව.

මූදු අවසාදිත

(පාරිභා.) නා.ප්‍ර. සමුද්‍ර ආශ්‍රිත හුනු කාබනේට් සිප්පි කටු හෝ සතුන්ගේ ඇටසැකිලි හෝ වෘක්ෂ ද්‍රව්‍යවලින් යුක්ත පාෂාණ.

මූදු තෙර

නා.ප්‍ර. සමුද්‍ර තීරය ; වෙරළ සීමාව.

මූදු පන්නය

නා. මුහුදේ මසුන් ඇල්ලීමට යොදා ගන්නා දැල්, බිලී කටු ආදි උපකරණ.
2. මුහුදේ මසුන් ඇල්ලීමේ රැකියාව.

මූදු මට්ටම

නා. මුහුදේ මතුපිටෙහි සාමාන්‍ය මට්ටම ; ගොඩබිමේ උස හා මුහුදේ ගැඹුර මැණීමේ දී පාවිච්චි කරන පාදකය.

මූදු යාත්‍රාව

1. නා. මුහුදේ ගමන් කිරිම සඳහා යොදා ගන්නා නැව් බෝට්ටු ආදි යාත්‍රාවක්.
2. මුහුදේ යන ගමන.

මූදු වෙරළ

1. නා. මුහුදු රැළි නැඟී, බිඳී යන සීමාව.
2. වැලි ආදිය ගොඩ ගැසී පවතින මුහුදු ඉවුර.

මූදු ශාක

නා.ප්‍ර. මුහුදෙහි හට ගැනෙන සියලු ශාක වර්ග.

මූදුතොට

(පාරිභා.) නා.ප්‍ර. මුහුදු යාත්‍රා නතර කර තැබීමට පහසුකම් සලසා ඇති වරාය ; මුහුදු තොටුපොළ.

මූදේවිය

1. නා. අවලස්සන අභාග්‍ය සම්පන්න තැනැත්තිය; මූසල තැනැත්තිය.
2. සෙනසුරුගේ බිරිඳ ; වාසනාවට අධිපති සිරිකතගේ වැඩිමහල් සොහොයුරිය.

මූනිස්සම්

(කථා.) නා.ප්‍ර. තුවක්කු පතරොම්වල අන්තර්ගත කුඩා ඊයම් බෝල.