සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1263

මූ

(සර්ව.) නා. 1. මොහු ; මේ තැනැත්තා ; මෙතෙම.
2. මේකා.
3. මේ තැනැත්තී.
නා.ප්‍ර. මූත්‍ර ; සුළුදිය.
1. වි. පැසුණු ; මේරූ.
2. (කථා.) මුසු ; මිශ්‍ර ; කළවම්.

මූ කරනවා

(කථා.) ක්‍රි. 1. මුහු කරනවා ; මිශ්‍ර කරනවා ; මුසු කරනවා ; කළවම් කරනවා.
2. පරිපාකයට පත් වෙනවා , මෝරනවා ; පැසෙනවා.
3. වර්ධනය වෙනවා ; වැඩි දියුණු වෙනවා.
4. මූත්‍ර කරනවා.

මූක

වි. කථා කරන්නට නොහැකි ; ගොළු.

මූකයා

නා.කථා කළ නොහැකි තැනැත්තා ; ගොළුවා.

මූකළාන

නා. මේරූ ගස් ඇති මහ කැලෑව ; ඝන වනාන්තරය.

මූකුරනවා

ක්‍රි. පරිපාකයට පත් වෙනවා ; මේරීමට පත්වෙනවා ; මුහුකුරා යනවා.

මූග

වි. මූක බ.

මූගබධිර

වි. ගොළු-බිහිරි.

මූට්ටුව

1. නා. ඇඳුම් ආදියෙහි ඇති මැස්ම.
2. ලී, ලෝහ ආදී ද්‍රව්‍යවල කොටස් සම්බන්ධ කළ පිරිද්දුම ; පෑස්සුම.

මූඩිය

නා. බෝතලයක හෝ භාජනයක කට වැසීමට යොදා ගනු ලබන පියන හෝ ඇබය.

මූඪ

වි. මෝඩ ; අඥාන ; නොමඟ ගිය.

මූඪ ගර්භය

නා. කුස තුළ භ්‍රෑණය මිය යෑමේ තත්ත්වය ; විකෘති ප්‍රසවය.

මූඪ චිත්තය

නා. නොමඟ ගිය සිත ; මුලා වූ සිත ; විකෘති චිත්තය.

මූඪ ශ්‍රද්ධාව

නා. නොමඟ ගිය ඇදහීම ; අන්ධ විශ්වාසය.

මූඪයා

නා. නුවණ මඳ තැනැත්තා ; මෝඩයා ; අඥානයා.

මූණ

1. නා. මුහුණ ; වත.
2. තියුණු තුඩ ; මූණත.
3. පැත්ත ; පාර්ශ්වය.
4. ඉදිරිය.
5. බෙර ඇස.
6. මතුපිට.

මූණ අත් දෙනවා

ක්‍රි. බිය සැක නිසා මුහුණු සඟවා ගන්නවා ; අතින් මුහුණ වසා ගන්නවා.

මූණත

නා. මුහුණත.

මූණිච්චාව

නා. මුහුණට චාටු බස් යොදා සතුටු කිරීම ; ඉදිරිපිට ගුණ කියා රැවටීම.

මූණු බැලීම

නා. පක්ෂ භජනය ; පක්ෂ ග්‍රහණය.

මූණු වැස්ම

නා. මුහුණ වසාලන රෙදිකඩ ; මුව වැස්ම.

මූත්‍ර

නා.ප්‍ර. වකුගඩු මගින් රුධිරයෙන් පෙරී වරින් වර මුත්‍රාශයේ තැන්පත් වී මුත්‍ර මාර්ගයෙන් බැහැරවෙන අපද්‍රව්‍යවලින් යුක්ත ද්‍රවයක්.

මූත්‍ර අසංයමය

(පාරිභා.) නා. පිළිවෙළකට මූත්‍ර පහ නොවීම ; මූත්‍ර පිටවීමේ අක්‍රමවත් භාවය.

මූත්‍ර කරීෂය

නා. මූත්‍ර සහ අශූචි ; මල සහ මූත්‍ර යන දෙක.