සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1262
මුහුදු බඩ
නා. මුහුදට යාබදව පිහිටි ප්‍රදේශය ; සමුද්‍රාසන්න ප්‍රදේශය.
මුහුදු බල්ලා
1. නා. කුඩා මෝර විශේෂයක්.
2. පළපුරුදු සමුද්‍ර යාත්‍රිකයා ; අතිදක්ෂ නැවියා.
මුහුදු හුළඟ
නා. දිවා කල්හි දී රත් වන වාතය ගොඩබිමෙන් ඉහළට නැඟීම නිසා මුහුද මත පවතින වඩා සිසිල් වූ වාතය ගොඩබිම කරා ඇදී ඒමෙන් ඇතිවන හුළඟ.
මුහුදුකර
වි. මුහුදු අසබඩ පිහිටි ; වෙරළාසන්න.
මුහුදුබත් වෙනවා
ක්‍රි. සමුද්‍රයට ගොදුරු වෙනවා ; මහ සයුරේ ගිලෙනවා.
මුහුන්
1. නා.ප්‍ර. මිශ්‍රකරන දෙය ; යම්කිසි දෙයක් මිදවීමට එක් කරන ද්‍රව්‍ය.
2. වෙන් වෙන් වර්ගවලට අයත් ජනක එක්වීමෙන් හටගත් උපත ; සංකලනය.
මුහුප්පු
1. නා.ප්‍ර. පල්ලියේ තේවා කරන ගිහියන් අතර ප්‍රධානයා.
2. (කථා.) ඉරි පැනීමේ ක්‍රීඩාවේ ප්‍රධානයා.
මුහුරත් උළෙල
නා. නාට්‍ය ආදිය සුබ මොහොතින් ඇරඹීමේ උත්සවය.
මුහුර්තනය
නා. ඇතැම් ක්‍රීඩාවල යෙදීමේ දී නියම මොහොත සලකා බලා විශේෂයෙන් පහරක් එල්ල කිරීම වැනි ක්ෂණික පියවර ගැනීම.
මුහුර්තය
නා. අතිශයින් කෙටි කාලය ; නිමේශය ; මොහොත ; ක්ෂණය.
මුහුළ
1. නා. මල් පොහොට්ටුව ; මල් කැකුළ.
2. රාශිය රංචුව ; සමූහය ; රෑළ ; කැළ.
3. කේශ කලාපය ; වරළ ; හිසකේ.
4. ගැටගසා උස්ව සිටින සේ බැඳි කොණ්ඩය.
5. ඔටුන්න ; කිරීටය.
මුහුළස
1. නා. කොණ්ඩය ; කෙස් කළඹ ; වරලස.
2. ඇකුළුණු බව ; මුකුලිත භාවය.
මුළ
1. නා. සමූහය ; පිරිස ; බළ ඇණිය.
2. ආයතනය ; සංස්ථාව ; මණ්ඩලය.
3. බත්, හකුරු, පැණි ආදි යමක් බහා සකස කරගන්නා පොදිය.
4. මිටිය ; පොදිය ; එකට බැඳි සමූහය.
මුළා වෙනවා
ක්‍රි. රැවටෙනවා ; වැරදි ලෙස අවබෝධ කර ගන්නවා.
මුළාව
1. නා. මෝඩකම ; රැවටීම ; නොමඟ යාම.
2. මූර්ජාව ; විසඥවීම.
3. හානිය ; විනාශය.
4. වෙහෙස ; පීඩාව.
5. නින්දාව ; අපහාසය.
මුළාසිය
1. නා. වැරදීම; ප්‍රමාදය ; අතපසු වීම.
2. හිගය ; අහේනිය ; අඩුපාඩුව.
මුළු
1. නා.ප්‍ර. භෝජනය ; ආහාරය.
2. පීඩාව ; හිරිහැරය.
3. මුදුන ; මස්තකය.
4. (ගිනි) දැල්වීම ; මෙළවීම.
මුළු කරනවා
1. ක්‍රි. (ගිනි) දල්වනවා ; පත්තු කරනවා.
2. ගොටු ගසනවා.
මුළුතැන්ගෙය
නා. නිවසක කෑම පිසින ස්ථානය ; කුස්සිය.
මුළුදෙට
නා.ප්‍ර. (රාජකීය) මුළුතැන්ගෙයි ප්‍රධාන අරක්කැමියා ; මුළුනා.
මුළුනා
නා.ප්‍ර. ප්‍රධාන අරක්කැමියා.
මුළුල්ල
නා. රාශිය ; සියල්ල.
මුළුව
1. නා.ප්‍ර. සමූහය ; සංගමය ; සමිතිය ; රාශිය.
2. කඳවුර.
3. (පාරිභා.) පොදු අරමුදල.