සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 128
අපර පරාගණය
(පාරිභා.) නා. එක ම විශේෂයට අයත් ශාකයන් අතර පරාගණය (=cross pollination).
අපර භාගය
1. නා. පසු භාගය; දෙවන කොටස.
2. නා. දිනයේ දෙවන භාගය; පස්වරුව.
අපර මස්තිෂ්කය
(පාරිභා.) නා. අනුමස්තිෂ්කය සුෂුම්නා හා ශීර්ෂකය ඇතුළත් මොළයේ පශ්චාද් භාගය (=hindbrain).
අපර සාමාන්යය
නා. (තර්ක.) පරිමිත හෙවත් විස්තීර්ණ නොවූ සාමාන්යය.
අපරකාලය
1. නා. පසුකාලය.
2. නා. හිරු අවරට ගිය කාලය; පස්වරුව.
අපරකාලීන
වි. පසු කාලයට අයත්; මෑත භාගයට අයත්.
අපරගිර
නා. බටහිර දිශාවේ ඇතැයි සැලකෙන එනම් කල්පිත පර්වතය; ඉර බැස යන පර්වතය.
අපරතා
නා.ප්ර. (තර්ක.) පටුබව; විස්තීර්ණ නොවන බව.
අපරදර්ශය
(පාරිභා.) නා. මුල් දර්ශාදර්ශයට අමතර විරුද්ධ ලිංගික දර්ශාදර්ශයක් (=allotype).
අපරදිග
1. නා. බස්නාහිර පැත්ත; බටහිර දිශාව; පශ්චිම දිශාව; අපරන්තය.
2. නා. පෙරදිග නොවන (රටවල්) බටහිර.
අපරස්වරය
නා. (ව්යාක.) සන්ධි වන පද දෙකකින් දෙවන පදයේ මුල සිටි ස්වරය.
අපර්යන්ත
වි. පර්යන්තයක් නැති; කෙළවරක් නැති; සීමා රහිත.
අපර්යන්ත වික්ෂේපය
නා. දෘෂ්ටියෙහි හෝ වචනයෙහි හෝ සීමාරහිත ව්යාකූලතාව.
අපර්යේෂිත
වි. නොසොයන ලද.
අපරා
නා.ප්ර. වැදෑමහ; ගර්භවේෂ්ටනය.
අපරාජිත
වි. පරාජය නොකරන ලද; අභිභවනය නොකළ.
අපරාජිත පර්යංකය
නා. නොපරදවන ලද ආසනය; බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට බුද්ධත්වයට පැමිණෙන අවස්ථාවෙහි බෝධිමූලයෙහි වැඩ හුන් ඌරුබද්ධ ආසනය.
අපරාධ නීතිය
නා. (නීති.) අපරාධ පිළිබඳ නීතිය; ක්රිමිනල් නීතිය.
අපරාධකරුවා
නා. වරදකරුවා; නීති විරෝධී ක්රියාවක් කළ තැනැත්තා.
අපරාධය
නා. වරද; අයුක්තිය; නොකටයුතු දෙය; නීති විරෝධී ක්රියාව.
අපරාන්තය
1. නා. අග කොන; අවසාන කෙළවර.
2. නා. බටහිර දිග; පශ්චිම දිශාව.
අපරාන්ත්රිකය
(පාරිභා.) නා. බඩවැලේ කෙළවර කොටස (=hind-gut).
අපරාපර
වි. එකිනෙක අනුව පවත්නා; ඊළඟ; අනතුරු.
අපරාපරිය
වි. (අභි.) භවයෙන් භවයට නොසිඳීයන.