සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1304

යෝග විධි

නා.ප්‍ර. භාවනා ක්‍රම ; යෝගාසන ක්‍රම.

යෝගක්ෂේමය

1. නා. ලෙඩදුක් සුව වීම ; ලෙඩ රෝගාදියෙන් මිදීම ; උපද්‍රවවලින් නිදහස් වීම.
2. කාමාදි බැඳීම්වලින් මිදීම ; රාග නිසා සිදුවන බිය නැති වීම ; නිර්වාණ අවබෝධය.

යෝගකාරක

වි. ග්‍රහයෝග සිදු කරන ; ග්‍රහයෝගය සඳහා එකතු වන.

යෝගජ

වි. (ග්‍රහ) යෝග ඇසුරින් සිදුවන ; යෝග නිසා ඇති වන.

යෝගජය

(පාරිභා.) නා. සත්ව අණුවල එක්වීම ; යුක්තාණුව.

යෝගට්

නා.ප්‍ර. කිරි මුදවා ගැනීමෙන් පිළියෙළ කර ගන්නා ප්‍රණීත ආහාරයක්.

යෝගත්‍රය

නා. (අභි.) ලෝභ, දිට්ඨි, මෝහ යන යෝග තුන.

යෝගධර්ම

1. නා.ප්‍ර. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර.
2. යෝග ශාස්ත්‍ර පිළිබඳ ඉගැන්වීම.

යෝගය

1. නා. එක් වීම ; යෙදීම ; සංයෝගය ; අභ්‍යාසය ; එකීභූත භාවය.
2. භාවනාවෙහි යෙදීම ; මානසික ඒකාග්‍රතාව ; සමාධිය.
3. (ප්‍ර. යෙදේ.) දර්ශන ශාස්ත්‍රයෙහි යෝග දර්ශනය වශයෙන් දක්වෙන කොටස.
4. යුද්ධය ; සංග්‍රාමය.

යෝගවාහී

වි. මිශ්‍ර වන ; සංයෝග වන ; වෙනත් දෙයක් හා ගැළපෙන.
නා.ප්‍ර. පිත්තල.

යෝගවැදි

නා.ප්‍ර. යෝගාවචරයා ; තාපසයා.

යෝග්‍ය

වි. සුදුසු ; ගැළපෙන ; නිසි ; ප්‍රයෝජනවත්.

යෝග්‍යකරණය

(පාරිභා.) නා. සුදුසු බවට පත් කිරීම ; ඉඩකඩ සැලැස්වීම ; උපයෝජනය.

යෝග්‍යතා පරීක්ෂණය

නා. සුදුසුකම් විමසා බැලීමේ පරීක්ෂණය.

යෝග්‍යයා

නා. සුදුස්සා ; ගැළපෙන පුද්ගලයා ; සරිලන්නා.

යෝග්‍යාකාරය

[යෝග්‍ය + ආකාරය]
නා. සුදුසු පිළිවෙළ; නිසි විධිය ; ගැළපෙන අන්දම.

යෝග්‍යාර්ථය

[යෝග්‍ය + අර්ථය]
නා. සුදුසු අදහස ; ගැළපෙන තේරුම.

යෝගාකර්ෂණය

[යෝග + ආකර්ෂණය]
නා. ද්‍රව්‍ය සංයෝගයෙන් ඇති වන බලය ; ද්‍රව්‍ය සංයෝග නිසා ඇති වන ඇද ගැනීමේ ශක්තිය.

යෝගානුකූල

[යෝග + අනුකූල.]
වි. භාවනානුයෝගයට සුදුසු ; භාවනාවට අනුව යෙදුණු.

යෝගානුභාවය

නා. යෝගවල යෙදීමේ ප්‍රතිඵලය.

යෝගාවචර

වි. භාවනාවෙහි යෙදෙන ; ධ්‍යානයෙහි හැසිරෙන.

යෝගාවචර ධර්මය

නා. නිවනෙහි ශූන්‍ය නොවූ කොටසක් ඇතැයි ගැනීමේ න්‍යාය ; යෝගාචාර වාදය.

යෝගාවචරයා

නා. භාවනාවෙහි යෙදෙන තැනැත්තා ; ධ්‍යාන වඩන්නා ; භාවනානුයෝගියා.

යෝගාසනය

නා. ධ්‍යානයෙහි යෙදෙන ඉරියවුව ; අරමිණිය ගොතා හිඳීම.

යෝගි

1. වි. යෝග පිළිබඳ.
2. යෝගීන් පිළිබඳ.