සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1308
රක්ත ඡර්දනය
(පාරිභා.) නා. ලේ වමනය කිරීම ; රුධිරෝද්ගාරය.
රක්ත තප්ත
(පාරිභා.) වි. රතු පාට වන තෙක් ගිනියම් කළ.
රක්ත තාපය
(පාරිභා.) නා. ගිනියම් වූ උෂ්ණය ; අධික උෂ්ණත්වය.
රක්ත නිෂ්ඨිවනය
නා. ලේ වමනය කිරීම ; රක්ත ඡර්දනය.
රක්ත විෂතාව
නා. ලෙයෙහි ඇති වන දූෂිත භාවය ; ලේ විෂ සහිත වීම.
රක්ත වේගය
නා. ප්‍රධාන ධමනිවල ඇති වන පීඩනය ; අධිරක්තචාපය.
රක්ත ස්රාවය
1. නා. ලේ ගැලීම.
2. ස්ත්රීන්ගේ ඔසප් වීම.
රක්ත හීනතාවය
(පාරිභා.) නා. ශරීරයේ ලේ හිඟකම ; ලෙයෙහි රක්තාණු අඩුවීම ; නීරක්තිය.
රක්තකණ්ඨ
නා.ප්‍ර. කොවුලා ; කෝකිල පක්ෂියා.
රක්තකන්ද
නා.ප්‍ර. පබළු ; ප්‍රවාල.
රක්තකාචය
නා. අක්ෂි රෝග සයෙන් එකක නාමය.
රක්තකාමතාව
(පාරිභා.) නා. රුධිරයෙහි කැටිගැසීමට නොහැකිකම ; හිමොපිලියාව.
රක්තකාරක
(පාරිභා.) වි. ලේ වඩවන ; ලේ පිළිබඳ වූ.
රක්තකාසය
නා. කහින විට කෙළ සමග ලේ යාමේ රෝගය.
රක්තගන්ධක
නා.ප්‍ර. ගෙන්දගම් යන ඛණිජය.
රක්තජ
නා. ලෙයින් හටගන්නා ; රුධිරයෙන් උපන්.
රක්තධාතුක
නා.ප්‍ර. තඹ.
රක්තධාතුව
නා. මනුෂ්‍ය ශරීර සෑදී ඇති සප්ත විධ ධාතුවලින් එකක් ; ලේ ; රුධිරය.
රක්තධාවනය
නා. ශරීරය තුළ ලේ ගමන් කිරීම ; රුධිර සංසරණය.
රක්තපයා
නා. ලේ බොන්නා ; රකුසා.
රක්තප්රදරය
නා. ස්ත්රීන්ට ඔසප්වීමේදී අධිකව රුධිරය වහනයවීම ලක්ෂණ කොට ඇති රෝගයක්; ආර්තචරිතය.
රක්තපාතය
නා. රුධිර නාලයකින් බොහෝ සෙයින් ලේ ගැලීම ; රක්තගරණය.
රක්තපාතරෝධක
(පාරිභා.) වි. තුවාල වූ රුධිර වාහිනියකින් ලේ ගැලීම නවත්වන ; රක්තපාතය නවතන.
රක්තමධුරහීනතාව
(පාරිභා.) නා. රුධිරයෙහි අවශ්‍යයෙන්ම තිබිය යුතු සීනි ප්‍රමාණය අඩු වීම.