සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1307
රංගකාමියා
(පාරිභා.) නා. ඉන්ද්‍ර ගෝපයා.
රංගාවලිය
නා. හිරු එළියේ රංශි, අඩංගු සප්තවිධ වර්ණ කලාප සමූහය ; රතු, තැඹිලි, කහ, කොළ, නිල්, නීල (ඉන්ඩිගෝ), නීලලෝභිත යන වර්ණාවලිය.
රංගාවලීක්ෂය
(පාරිභා.) නා. වර්ණාවලිය විශ්ලේෂණය කිරීම සඳහා යොදාගන්නා උපකරණය ; වර්ණාවලික්ෂය.
රංගුව
(කථා.) නා. සංඥා හඟවන නළාව ; සංකුව ; සංගුව.
රංචුව
නා. සමූහය ; රැළ ; කාණ්ඩය ; රෑන.
රංජකයා
නා. ගැයීමෙන් වැයීමෙන් අනුන් සතුටු කිරීමට සමත් ශිල්පියා.
රංජන
1. නා.ප්‍ර. සතුටු කිරීම ; පිනවීම.
2. සායම් පෙවීම ; වර්ණවත් කිරීම.
3. ශෝභමාන වීම ; බැබළීම.
රංඩුව
(කථා.) නා. කලහය ; දබරය.
රංදකය
නා. යම්කිසි භාණ්ඩයක් තැබීමට හෝ රඳවා ගැනීමට ආධාර වන උපකරණය ; ආධාරකය.
රංධ්ර
1. නා. අත.
2. සිදුර ; ඡිද්‍රය ; විවරය.
3. වරද ; දෝෂය ; අඩුපාඩුව.
රංධ්ර ගවේෂි
වි. සිදුරු හෙවත් වැරදි සෙවීමෙහි යෙදෙන.
රංශි
නා.ප්‍ර. රැස් ; කාන්තිය ; රශ්මිය.
රංසිමන්තු
නා.ප්‍ර. රශ්මි ඇන්තා ; හිරු ; සූර්යයා.
රංසිමාලකය
(කථා.) නා. අග්‍ර විනිශ්චය ශාලාව.
රංහිරියල්
නා.ප්‍ර. මල් වෙඩි ආදිය සෑදීමේදී උපයෝගී කරගන්නා ද්‍රව්‍යයක්.
රංහිලිගෙය
නා. රන්සිවිගෙය.
රඌල් නියමය
(පාරිභා.) නා. ද්‍රාවණයේ දී විඝටනය නොවන ද්‍රාවයක් තනුක ද්‍රාවණයක් දෙන පරිදි ද්‍රාවණය කළ විට ඇති වන ප්‍රතිඵල පිළිබඳ වෙනස්කම් විද්‍යාත්මක නියමයක්.
රකවල
නා. රැකවල ; ආරක්ෂාව ; රක්ෂාවරණය.
රක්
1. නා.ප්‍ර. රැක්ම ; ආරක්ෂාව ; රැකවල.
2. සිවංගුරු, මනෝසිලා හෙවත් රත්හිරියල් යන ඛනිජ වර්ගය.
රක්ඛිත
වි. රැකි ; ආරක්ෂා කළ ; ආරක්ෂිත.
රක්ත
1. වි. රතු පැහැයෙන් යුතු ; රතුපාට.
2. සායම් ගෑ ; පාට ගැන්වූ ; රඤ්ජිත.
3. ඇලුණු, ඇලී ගිය ; ආසක්ත.
1. නා.ප්‍ර. රතු පැහැය ; රක්ත වර්ණය.
2. රුධිරය ; ලේ.
3. රක්තවාත රෝගය.
4. කුජ ග්‍රහයා ; අඟහරු.
රක්ත ගරණය
(පාරිභා.) නා. ලේ ගැලීම ; දරුණු රක්තපාතය ; තුවාල වූ ලේ නළයකින් ලේ ගැලීම ; රක්තපාතය.
රක්ත ග්‍රන්ථි
1. නා.ප්‍ර. ලේ එක් වී මතුවන ගඩු විශේෂය.
2. වාතය ඇද ගැනීම හා පිට කිරීම පිණිස සමහර මත්ස්‍යයන්ගේ වාතාශයෙහි පිහිටි ග්‍රන්ථියක් ; වාහිනීගැංග්ලියම.
රක්ත චාපය
නා. අධික රුධිර පීඩනය.