සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1306
යෝනිසෝ මනසිකාරය
නා. යමක් නුවණින් යුතු ව හේතු ඵල හා ආශ්රිත ව කල්පනා කිරීම ; යථාර්ථය පිළිබඳ නුවණින් මෙනෙහි කිරීම.
යෝෂිතාව
නා. ස්ත්‍රිය ; ගැහැණිය ; බිරිඳ ; භාර්යාව.
යෞග
වි. යුගලකින් හෙවත් දෙකකින් යුත් ; යුගලයක් හා සම්බන්ධ.
යෞගපදික
1. වි. පද දෙකකින් යුත් ; දෙපේළියකින් සමන්විත ; කොටස් දෙකකින් සැදුම්ලත්.
2. එක විට සිදුවන ; එකට සිද්ධවන්නා වූ.
යෞගපදික සමීකරණය
(පාරිභා.) නා. පද දෙකක් සහිත සමීකරණය ; සංකේත දෙකකට පොදු වටිනාකමක් ඇති සමීකරණය.
යෞතකය
1. නා. යමකුට නිත්‍යනුකූලව අයත් දෙය ; ස්වකීය ධනය.
2. ත්‍යාගය ; දායාදය.
යෞන
1. වි. මාතෘ ගර්භයට අයත් ; ගර්භාෂය හා සම්බන්ධ.
2. විවාහය හා සම්බන්ධ ; වෛවාහික.
යෞන සම්බන්ධය
නා. විවාහයෙන් ඇති වූ නෑකම.
යෞවන
වි. තරුණ වයසට අයත් ; යොවුන් වියේ සිටින.
යෞවන ගංගාව
(පාරිභා.) නා. අතු ගංගා ආදිය එක් වීමෙන් විශාල බවට පත් නොවූ නදිය ; ඉහළ නිම්නයක ගලන ගඟ.
යෞවන ප්‍රාන්තය
නා. තරුණ වයසේ අග කොටස; මැදිවිය.
යෞවන ප්‍රාප්ත
වි. තරුණ වයසට පැමිණි ; වැඩිවිය පැමිණි ; ප්‍රජනනය කිරීමෙහි ශක්තිය ලැබූ.
යෞවන මදය
නා. තරුණ වයස නිසා ඇති වන උඩඟු ස්වභාවය ; තරුණකමින් ඇති වන එඩිය.
යෞවන ශ්රීය
නා. තරුණබව නැමැති ඓශ්වර්යය ; යෞවනය නැමැති සම්පත ; යොවුන් සිරිය.
යෞවනය
නා. තරුණ වයස ; යොවුන් විය ; යෞවන භාවය ; තාරුණ්‍යය.
යෞවනයා
නා. තරුණයා ; යොවුනා.
යෞවනාභිරාම
වි. තාරුණ්‍යය නිසා අතිශයින් සිත් අලවන්නා වූ ; මන බඳින තුරුණුබවින් යුතු.
යෞවනිය
නා. යෞවන ස්ත්‍රිය ; තරුණිය ; යුවතිය.
යෞවනෝදය
නා.ප්‍ර. තරුණ බව උදාවීම ; තරුණ වයසට පැමිණීම ; වැඩිවිය පත්වීම ; ප්‍රජනනයට යෝග්‍ය වීම.
යෞවරාජ්යය
නා. යුවරජ තනතුර ; උපරාජ ධුරය.
ර
සිංහල හෝඩියේ පනස් තුන්වන අකුර ; ව්‍යඤ්ජනාක්ෂරය ; දෙවන අන්තඃස්ථාක්ෂරය ; ර යන්න.
රංකිරි
(කථා.) නා.ප්‍ර. රන් මිශ්‍ර කිරි ; බිළිඳකු උපන් කෙණෙහි රන් ගල ගා තන කිරි මුසු කොට දිවෙහි ගාන මිශ්‍රණය.
රංග
1. නා.ප්‍ර. පැහැය ; වර්ණය ; පාට.
2. රඟමඬල ; රංග භූමිය ; රඟපාන වේදිකාව.
3. නැටුම ; නෘත්‍යය ; රංගනය.
4. යුද පිටිය ; රණබිම.
5. විලාසය ; ආකාරය.
6. බෙලෙක් හෙවත් ටින් ලෝහය.
7. සුදු ඊයම්.
8. පුෂ්කර නම් ලවණය.
9. ඖෂධීය ද්‍රව්‍ය දමා සකස් කර ගත් කැඳ ; කාඩි.
රංග පීඨය
නා. නාට්‍ය රඟ දක්වන වේදිකාව.