සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1321
රදනකය
නා. ක්ෂීරපායීන්ගේ ඇති එක් තුඩකින් යුත් උල් දතක්.
රදනවා
ක්‍රි. රඳනවා බ.
රදනිය
1. නා.ප්‍ර. රාජ නීතිය ; පාලන නීතිය.
2. රජ බිසොව ; රජ දේවිය.
රදමන
නා. රිදීම ; කැක්කුම ; වේදනාව.
රදල
වි. වංශවත් ; ප්‍රභූ.
නා.ප්‍ර. වංශවත් තැනැත්තා ; ප්රභූවරයා.
රදල ක්‍රමය
නා. රදලයින්ට රාජ්‍යයේ ඉහළ තනතුරු දී, ඔවුනට ප්‍රමුඛත්වය හා පාලනය ලබාදෙන සමාජ ක්‍රමය.
රදල පන්නය
නා. රදලවරුන්ගේ හෝ වංශවතුන්ගේ පාලන ක්‍රමය.
රදලවාදය
නා. රටක් පාලනය කළ යුත්තේ රදලවරුන් විසින් බව දක්වන මතවාදය.
රදලහම්
නා. බෙර වර්ගයක්.
රදලිය
නා. රාජ ස්ත්‍රිය ; රජබිසොව.
රදවරණ
[රද + අවරණ]
නා.ප්‍ර. දත් ආවරණය කරන තොල ; දන්තාවරණය ; ඕෂ්ටය.
රදස
1. නා. දූවිලි ; රජස් ; ධූලි.
2. රොන් ; (කුසුම්) රේණු.
රදසක්
නා.බහු. රොන් සමූහය ; රේණු රාශිය.
රදහස
නා.ප්‍ර. උතුම් හංසයා.
රදළිය
නා. තරුණිය.
රදළු
වි. තරුණ.
නා.ප්‍ර. තරුණයා.
රද්
නා.ප්‍ර. රජ ; රද.
රද් කොල් සම්දරුවා
නා. මධ්‍ය කාලීන සිංහල රාජ්‍යයට අයත් උසස් නිලධාරියෙක්.
රද් කොල්වැරි කුසලයා
නා. රජ ගෙදර දාසයා.
රද් දරුවා
නා. රජතුමා.
රද් දහම
නා. රාජ ධර්මය.
රද් පමණිය
නා. රජයට අයත් ප්රවේණි ඉඩකඩම් ; රජයට අයත් දේපළ.
රද් පරපුර
නා. රාජ පරම්පරාව.
රද්කැමියා
නා. රජයේ අයකැමියා; රාජ භාණ්ඩාගාරිකයා.