සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1322
රද්කොල
නා. රාජ කුලය ; රජ පවුල.
රද්කොල් කැමියා
නා. මධ්ය කාලීන සිංහල රාජ්ය නිලධාරියෙක්.
රද්දඩ
නා.ප්ර. රජයට අයත් කැළය ; රාජ සන්තක කැළය.
රද්මහ වෙහෙර
නා. රජ මහා විහාරය.
රද්මහැර
නා.ප්ර. රජය සතු මුඩු ඉඩම් ; වල්බිහි වූ ඉඩම්.
රද්සොරො
නා.ප්ර. වැවක මහ සොරොවුව.
රදා
නා.ප්ර. රජක කුලය ; රෙදි සෝදන්නන්ගේ කුලය.
වි. ඒ කුලයට නොහොත් ඒ කටයුතුවලට අයත් ; රජක.
රදාඇල්
නා.ප්ර. පුරාණ වී වර්ගයක්.
රදුන
නා. දත ; දන්තය.
රදුව
1. නා. රජ දුව ; රාජ කුමරිය.
2. මහේෂිකාව ; රජ මෙහෙසිය.
රදොල
1. නා.ප්ර. රජ කුලය ; රජ පරපුර.
2. රජ මැදුර.
රදොල්
වි. රජ කුලයට නොහොත් රජුට අයත්.
රදොල් යටිය
නා. (රදලයාගේ, රජුගේ යෂ්ටිය යනු වාච්යාර්ථයි) රජ මිනුම ; දිග මැනීමේ ඒකකයක්.
රදොලා
1. නා.ප්ර. රජ කුලයට අයත් තැනැත්තා.
2. රජුට අයත් තැනැත්තා.
රන කොතලය
නා. රනින් කළ කෙණ්ඩිය.
රන ගිරවා
නා. රන් පැහැයෙන් යුත් උසස් වර්ගයට අයත් ගිරවා.
රන තිසර
නා.ප්ර. ස්වර්ණ හංසයා ; රන්වන් පියාපත් සහිත හංසයා.
රන මොනර
නා.ප්ර. ස්වර්ණ මයූරයා ; රන් පැහැයෙන් යුත් මොනරා.
රනකුණ
(කථා.) නා.ප්ර. ස්වාභාවිකව මෝරා ඉදී යාමට පෙර නරක් වීම නිසා ඉදුනාක් සේ රන් පැහැයක් දක්වන (අඹ, දෙල් වැනි) ඵලය.
රනකුණා වෙනවා
(කථා.) ක්රි. (අඹ, දෙල් වැනි) ඵලයක් ඉදීමට පෙර නරක් වී යෑමේදී රන් පැහැයක් දක්වනවා.
රනකුරු
නා.ප්ර. වී වර්ගයක්.
රනගල
නා. රනින් කළ ගල ; මහමේරුව ; රනගිර.
රනදම්
නා.ප්ර. රනින් කළ දාමය ; රන්දම්වැල.
රනපත
1. නා. කෝන්, වීර ආදී ගස්වල කඳෙහි මුලින් පිටට නෙරා ඇති වැඩෙන ගැට වැනි හෝ දාර වැනි අවයව.
2. නුග ආදී ගස්වල ශාඛාවෙන් බසින මුල් ; ඇටුවන ; අරළුව.