සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1323

රනබට

නා.ප්‍ර. රන්වන් පැහැ ඇති උණ ගස් වර්ගයක්.

රනමලි

නා.ප්‍ර. රන්මාලයක් දරන්නී ; ස්වර්ණමාලිය.

රනඹර

[රන් + අඹර]
1. නා.ප්‍ර. රන් වස්ත්‍රය.
2. රන් පැහැයෙන් යුත් ආකාශය.

රනර්

නා.ප්‍ර. තැපැල් ගෙනයන්නා ; පණිවිඩකාරයා.

රනලු

[රන් + අලු]
නා.ප්‍ර. ඇතුන් බැඳීම සඳහා රනින් කරන ලද කණුව.

රනවන

නා.ප්‍ර. රන්වන් කාන්තාව.

රනවරා

නා.ප්‍ර. රන්වන් මල් සහිත ඖෂධීය පැළෑටියක්.

රනහි

(කථා.) වි. රන් පැහැ ; මඳරත් පැහැය.

රනහුණ

නා.ප්‍ර. රන් පැහැයෙන් යුතු උණගස.

රන්

1. නා.ප්‍ර. කහ පාටින් යුත් ඉතා අගනා ලෝහයක් ; ස්වර්ණ ; හිරණ්‍ය ; හේම.
2. කහවනුව ; මස්ස.
3. කාසිය.
4. රත්නය ; රුවන.
5. බලභද්‍ර හෙවත් බලරාම නම් දෙවියා.
6. කැලෑව ; වනය.
7. ආරාමය.
8. වැද්දා.

රන් අංකය

(පාරිභා.) නා. රසායනික මිනුම් ක්‍රමයක්.

රන් අගය

නා. (යම් භාණ්ඩයක) රනින් දැක්වෙන වටිනාකම ; ස්වර්ණ මූල්‍යය.

රන් අඩයටි

නා.ප්‍ර. රන්තෝමර ; රන්මුවා හෙල්ල.

රන් අතළ

නා. රන්ගල්තලාව.

රන් අතළුව

නා. (පුරාණයේ ඉඩම් මිලදී ගැනීමේදී) ඉඩමේ වටිනාකමට සරිලන රන් භූමියෙහි ඇතිරීම ; (භූමියෙහි) රන් මසු එළීම.

රන් අපනයන ඉම

නා. රත්රන් විදේශයකට අපනයනය කිරීමේ සීමාව ; රත්රන් පිළිබඳ විනිමය අනුපාතිකයන් දෙකෙන් එකක නාමය.

රන් ආනයන ඉම

නා. රටක් තුළට රන් ආනයනය කිරීමේ සීමාව.

රන් ආයුධ

නා.ප්‍ර. ස්වර්ණායුධය ; රජකු විශේෂයෙන් විසින් පරිහරණය කරන රන් ආයුධ.

රන් ආයුධ මණ්ඩපය

නා. රජුගේ රන් ආභරණ ආරක්ෂාව සඳහා තැන්පත් කරන ලද ගබඩාව.

රන් ඇගෑ

නා.ප්‍ර. රන් තොරණ.

රන් ඉද්ද

1. නා. ආභරණ විශේෂයක්; ඔටුන්න සවි කිරීම සඳහා කොණ්ඩයෙහි ගසනු පිණිස රනින් කළ කූර.
2. අග්නි කර්මයෙහි ලා භාවිත කරන රනින් කළ ඉදිකටුව වැනි උපකරණය ; රන් ඉදිවැල.

රන් ඉදිවැල

නා. ආයුර්වේදයෙහි අග්නිකර්මය සඳහා ගැනුණු රන් ඉදිකටුවක් වැනි වූ රනින් කළ දහනකය.

රන් ඉනසැද

(කථා.) නා.ප්‍ර. යාග කර්මවල දී යද්දෙස්සන් බඳින බඳපටිය ; ඉණ වටා අඳින රැළි ඇති රෙද්ද.

රන් ඉම

(පාරිභා.) නා. විදේශීය විනිමය සම්බන්ධයෙන් රටකට රත්රන් ආයාත කිරීමේ හෝ නිර්යාත කිරීමේ කොන්දේසිය.