සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1351

රාවර වළ

නා. අපිරිසුදු දිය රැඳී පවතින වළ.

රාවරය

නා. තෙත් ගතිය ; දිය සීරාව.

රාවි

වි. රැව් දෙන ; හඬ නංවන.

රාවුතයා

නා. අශ්වාරෝහකයා.

රාශි

1. නා.ප්‍ර. (ජ්‍යෝති.) රාශි චක්‍රය බෙදා ඇති කොටස් දොළහෙන් එකක් ; මේෂ, වෘෂභාදී වශයෙන් දැක්වෙන අංශක 30ක ප්‍රමාණයක්.
2. සමූහය ; තොග ; සංචිත.
3. (ගණිත.) යම්කිසි අනුපාතයක එක් ගණනක් : වීජ ගණිතයේ සාධක සංඛ්‍යාවක එක් කොටසක්.

රාශි අධිපති

නා.ප්‍ර. (ජ්‍යෝති.) මේෂ, වෘෂභ ආදි වශයෙන් නම් කරන ලද රාශි දොළොසෙන් එකකට අධිපති ග්‍රහයා.

රාශි කරණය

නා. රැස් කිරීම ; එකතු කිරීම.

රාශි කූටය

නා. (ජ්‍යෝති.) දොළොස් රාශියෙන් එකකට අයත් 30° අවකාශ ප්‍රමාණය.

රාශි කෘත

වි. රැස්කර ගන්නා ලද ; එකතු කළ.

රාශි චක්‍රය

නා. (භූගෝ.) ග්‍රහයන් අවකාශයෙහි ගමන් ගන්නා කල්පිත කවාකාර මාර්ගය.

රාශි පොරොන්දම

නා. (ජ්‍යෝති.) විවාහ චාරිත්‍රවලට අයත් පොරොන්දම් බැලීමේ දී පරීක්ෂාවට ලක්වන කරුණු විස්සෙන් එකක්.

රාශි සංක්‍රමණය

නා. (ජ්‍යෝති.) ග්‍රහයන් රාශියෙන් රාශියට මාරු වීම.

රාශික

වි. (උද්භි.) ශාකවල ඵල වර්ග පිළිබඳ තුන් වැදෑරුම් බෙදුමෙන් එකක්.

රාශිගත

වි. රාශියට ඇතුළත්.

රාශිභූත

වි. රැස් වූ ; එකතු වූ.

රාෂ්ට්‍ර

නා.ප්‍ර. රට ; දේශය ; රාජ්‍යය ; ජනපදය.

රාෂ්ට්‍ර පාලනය

නා. රට පාලනය කිරීම ; රාජ්‍ය පාලනය.

රාෂ්ට්‍ර පූජිත

වි. රට වැසියන් විසින් පුදනු ලබන.

රාෂ්ට්‍රපති

නා.ප්‍ර. රටක අධිපතියා; රාජ්‍ය පාලකයා ; රාෂ්ටිකයා.

රාෂ්ට්‍රිය

වි. රටට අයත් ; රට පිළිබඳ.

රාෂ්ට්‍රියයා

නා. රැටියා ; රටට අයත් තැනැත්තා.

රාස්කුව

නා. දැව මට්ටම් කිරීමට ගැනෙන පීරක් වැනි උපකරණය ; රාස්පය.

රාස්පය

නා. ලී හැඩයට ගා මට්ටම් කිරීමට ගන්නා වඩු උපකරණය ; රාස්කුව.

රාසිවඩ්ඪක

වි. වස්තු රැස් කරන ; මුදල් රැස් කරන්නා වූ.