සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1395
ලැව්
නා.ප්‍ර. වනාන්තරය.
ලැව් ගින්න
නා. අධික නියගයකට හසුව කැලෑවේ. ගස්වැල් වියළී යාමෙන් හටගන්නා ගින්න ; දාවාග්නිය ; ලවග.
ලැවැන්ත
1. නා.ප්‍ර. දබරයකට මුල පිරීමට යොදා ගන්නා සුළු කාරණය ; රණ්ඩුවකට අර ඇඳීමට යොදාගන්නා හේතුව.
2. නෙකුගෙන් සිදුවන සුළු වරද.
3. හෙවනැල්ල.
ලැවැන්දරා
නා.ප්‍ර. මිංචි කුලයට අයත් සුගන්ධවත් යුරෝපීය ශාකයකින් සකස් කරගන්නා සුවඳ ගැන්වූ තෙල් වර්ගයක් ; ලැවැන්ඩර්.
ලැවැල්ල
(කථා.උඩ) නා. රතු පැහැති තණ විශේෂයක්.
ලැවොයිසියර් ක්‍රමය
නා. ඔක්සිජන් වෙන් කිරීම සඳහා රසදිය පාවිච්චි කිරීමෙන් නයිට්රජන් ලබාගන්නා ක්‍රමය ; ලැවොයිසියර් නම් රසායනඥයා විසින් සොයාගන්නා ලද නිසා මේ නම් විය.
ලැස්
1. නා.ප්‍ර. ප්‍රමාදය ; අතපසුව ; පරක්කුව.
2. අලසකම ; ආලස්‍යය.
ලැසි
වි. සෙමින් ; ප්‍රමාද.
නා.ප්‍ර. පමාව ; ප්‍රමාදය.
ලැසි කරනවා
ක්‍රි. පරක්කු කරනවා.
ලැසි ගමන
නා. සෙමින් යන ගමන ; සුලලිත ලෙස පමා වෙමින් කරන ගමන ; මන්දගාමීව කරන ගමන් විලාසය (විශේෂයෙන් කාන්තාවන්ගේ ගමන් විලාසය සම්බන්ධයෙන් ව්‍යවහාර වේ).
ලැසි දිවුම
නා. රථය නොදුවවා එන්ජිම පමණක් දිවෙන විට සුමටව ක්‍රියා කරන පරිදි සැකසූ පසු එන්ජිමේ වේගය.
ලැසි බැල්ම
නා. මඳ බැල්ම ; අඩ බැල්ම ; ලාස්‍ය වූ බැල්ම.
ලැසි ලැසි
ක්‍රි.වි. මඳින් මඳ ; ටිකෙන් ටික ; හෙමින් හෙමින් ; පමා වෙවී.
ලැහැන් බඳිනවා
ක්‍රි. රංචු වශයෙන් සිටිනවා ; සමූහ වශයෙන් එක් වෙනවා ; රැළක් ලෙස එකතු ව ඉන්නවා.
ලැහැප්
1. නා.ප්‍ර. ගස් වැල් ඝන ව වැඩුණු ප්‍රදේශ.
2. කැලෑ රොදවල් ; පඳුරු ; ගුල්ම.
ලැහැල්ල
1. නා. ලී කඳකින් ඉරන ලද තුනී ලී තහඩුව.
2. සිමෙන්ති ගල් ආදියෙන් සෑදුණු සිහින් පතුර ; පුවරුව ; ඵලකය.
ලැහැල්ලු
1. වි. සැහැල්ලු ; බර අඩු ; ලගූ වූ.
2. (චෛතසිකයෙහි පවත්නා) සැහැල්ලු බවින් යුත් ; බැරූරුම් නොවන.
ලැහැලි
වි. පරණව ගිය ; වැරහැලි වූ ; දිරාපත්වීමට ළං වූ.
ලැහැලි ගන්නවා
ක්‍රි. රැළි වැටෙනවා ; රැළි නැගෙනවා ; (සමෙහි) පතුරු මෙන් රැලි ඇතිවෙනවා.
ලැහැලි ගානවා
ක්‍රි. සිහින් පතුරු ලෙස කපනවා ; ලියනවා.
ලැහැලි රෙදි
නා.ප්‍ර. වැරහැලි ව ගිය කඩ රෙදි ; පරණ ව දිරාපත්වීමට තරම්ව ගිය රෙදි.
ලැහැස්තිය
නා. යම් කිසිවකට කරන සූදානම ; පිළිවෙළ වීම.
ලෑගල
නා. මිරිස් අඹරන ගලේ හෝ බෙහෙත් අඹරන ගලේ යටි ගල ; මව් ගල.