සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1484
වාක්
නා.ප්‍ර. වචනය ; වදන.
වාක් සංයමය
නා. වචන හික්මවා ගැනීම ; කථා කිරීමේදී විද්‍යමාන වන භික්මුණු ස්වභාව.
වාක්කරණය
නා. කථා කිරීම ; දෙඩීම ; පිළිසඳර කථාව.
වාක්කර්‍මය
1. නා. වචනයෙන් සිදු කෙරෙන කාර්යය.
2. කථා කිරීමෙන් ඇති විය හැකි පාපය.
වාක්කුව
(කථා.) නා. මැණික් ගලක එක් පැත්තකින් පමණක් බැලූ විට පෙනෙන වර්ණවත් බව හෙවත් හැඩය.
වාක්කෝෂය
1. නා. වචන සමූහය ; වචන සංග්‍රහය.
2. යම් තැනැත්තකුට අවබෝධව පවතින වචන සංඛ්‍යාව.
වාක්චාතූර්යය
නා. කථාවෙහි දක්ෂ බව ; කථිකත්වය.
වාක්චිත්රය
නා. විස්තර වර්ණනාවක් මගින් අසන්නාගේ සිතේ මැවෙන සිතුවම ; වචන මාර්ගයෙන් සිතෙහි මැවෙන චිත්‍රය.
වාක්ජලය
(පාරිභා.) නා. වචනවල අර්ථ විපර්යාස කිරීම ; රැවටිලි බස් කීම ; ව්‍යාජ ආකාරයෙන් වචන භාවිත කිරීම.
වාක්තන්තු
නා.ප්‍ර. කට හඬ ඇති කිරීමට උගුරු බිලයේ පවතින සියුම් අවයව ; ස්වර තන්තු.
වාක්ද්වාර
නා.ප්‍ර. වචන පිටවන දොරටුව ; කට ; මුඛය.
වාක්දුශ්චරිත
නා.ප්‍ර. වචනයෙන් සිදුවන පාපක්‍රියා ; දුෂ්ට කථා ව්‍යවහාරය.
වාක්පටුත්වය
නා. වචන භාවිතයෙහි දක්ෂ බව ; කීමෙහි බිණීමෙහි සමත් බව.
වාක්පති
නා.ප්‍ර. වචන පිළිබඳ ස්වාමිත්වය දරන්නා ; වචන පිළිබඳ පරිසමාප්ත ඥානයකින් යුක්ත තැනැත්තා.
වාක්පථය
නා. වචන යෙදීමේ පිළිවෙළ.
වාක්ප්රයෝගය
1. නා. දක්ෂ ලෙස වචන යෙදීම.
2. වචන යෙදීමේ රටාව.
3. කථාවෙහි යෙදීම.
වාක්ප්රලාපය
නා. නිරර්ථක වචන පැවසීම ; හිස් බස් කථා කිරීම ; නන් දෙඩවිල්ල.
වාක්ප්රවාහය
නා. (කථාවේදී) ගලා එන වචන සමූහය.
වාක්ප්රසරය
නා. වචන ඒකාබද්ධව, අතරක් නැතිව ගලා ඒම.
වාක්ප්රහාරය
නා. වචනයෙන් පහර දීම.
වාක්මෞනය
නා. පමණ දැන වචන කථා කිරීම.
වාක්යෝගය
නා. වචන භාවිතය, යෙදීම, ගැළපීම.
වාක්ලීලාව
නා. වචන යෙදීමේ ආකාරය ; විලාසය.
වාක්වික්ෂේපය
නා. වචන අවුල්වීම.