සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1485
වාක්ශක්තිය
නා. කීමෙහි බිණීමෙහි දක්ෂ බව ; කථිකත්වය ; වාක් පටුත්වය.
වාක්ශ්ලිෂ්ටතාව
නා. වචනවල මටසිලුටු බව ; එසේ යෙදීමෙන් ඇතිවන වාක්‍ය ගුණය.
වාක්ශුද්ධිය
නා. වචන පැහැදිලිව උච්චාරණය කිරීම ; නිරවුල්ව කථා කළ හැකිවීම.
වාක්සමාචාරය
නා. වචන වලින් දක්වන ආචාරශීලීභාවය.
වාක්සුචරිතය
නා. යහපත්, සත්‍ය වචන භාවිතය ; වාක් ද්වාරයෙන් සිදු කරන යහපත් ක්‍රියාව.
වාක්‍ය
නා.ප්‍ර. අර්ථයක් සම්පූර්ණ ව පවසන ක්‍රමයත් වචන සමූහ ; එක් අවසාන ක්‍රියාවක් බෙහෙවින් සම්පුර්ණ අර්ථයක් සහිත ව පැවසෙන පද සමූහ වැකි.
වාක්‍ය විග්‍රහය
නා. වාක්‍යයක් කර්තෘ, කර්ම ආදි වශයෙන් කොටස් කර දැක්වීම ; වාක්යවිභාගය.
වාක්‍යකරණය
1. නා. ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ සඳහන් ගණිත ක්‍රමයක්.
2. වාක්‍ය සෑදීම ; වාක්‍ය තැනීම.
වාක්යක්රමය
නා. වාක්‍ය තැනීමේ විධිය ; වාක්‍යකරණය හා සම්බන්ධ ශිල්පය.
වාක්‍යඛණ්ඩය
නා. වාක්‍යයක කොටස ; වාක්‍යාංශය.
වාක්යයෝජනය
නා. එකිනෙකට ගැළපෙන සේ වාක්‍ය යෙදීම.
වාක්යරචනය
නා. යම් මාතෘකාවක් අනුව ඒ පිළිබඳ කරුණු අන්තර්ගත ව කරනු ලබන ප්‍රබන්ධය.
වාක්‍යාලංකාරය
නා. උචිත පරිදි උපමා රූපක ආදි අලංකාර, උද්ධෘත පාඨ යනාදිය යොදා වාක්‍ය විසිතුරු කිරීම.
වාකැත්ත
(කථා.) නා. පොල් කැඩීම සඳහා ගැනෙන වකුටු පිහිය.
වාකුටීර
නා.ප්‍ර. වායු කුහරය ; වායු කෝෂය.
වාකුල්ලනවා
(කථා.) ක්‍රි. වැටෙන්නට යන විට ආධාරයට යමක් අල්ලා ගන්නවා.
වාකෙක්ක
(කථා.) නා. වාකැත්තක් සහිත කෙක්ක.
වාගංගනාව
නා. වචනයට අධිපති අංගනාව හෙවත් දෙව්දුව ; වාග් දේවි ; සරස්වතිය ; වාගාධිපතිනි.
වාගණය
නා. ඡන්දස් ශාස්ත්‍රයෙහි දැක්වෙන ගණ අටෙන් එකක් ; මුල ලඝු දෙකක් හා අගට ගුරක් ඇති ගණය ; වායුගණය.
වාග් ප්‍රපඤ්චය
1. නා. කථා කිරීමේදී වචන නොඒමෙන් ඇතිවන පමාව.
2. වචනයන්ගේ සවිස්තර බව ; වචනවල බහුල විස්තරය.
වාග්දණ්ඩ
නා.ප්‍ර. වචනයෙන් කරන දඬුවම.
වාග්දේවිය
නා. සරසවිය ; වාගාංගනාව.
වාග්විද්‍යාව
නා. භාෂාව හෙවත් වචන පිළිබඳ විභාග කරමින් නිගමන ඉදිරිපත් කරන විද්‍යාව.