සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1486
වාග්වේදියා
1. නා. භාෂාව මැනවින් දත් තැනැත්තා.
2. වාග් විද්යා විශේෂඥයා.
වාගාඩම්බරය
1. නා. වචනවල තිබෙන ආටෝප බව ; කෙටි සරල වචන නොව, හඬින් වැඩි බර වචන භාවිතයෙන් ඇති වන ලක්ෂණය.
2. පුරසාරම ; පාරට්ටුව.
වාගාලාපය
නා. වචන සංයෝගයෙන් බිහිවන වාක්යය.
වාගින්ද්රිය
නා.ප්ර. වචන ප්රකාශ කරන ඉන්ද්රිය ; මුඛය ; කට.
වාගීශ
වි. කථාවෙහි අතිශයින් දක්ෂ ; වචන භාවිතයෙහි නිපුණ ; වදනිසුරු.
වාගීශ්වරයා
නා. චතුර කථිකයා ; භාෂා විශාරදයා.
වාගේ
1. නි. වැනි ; සමාන.
2. පාහේ.
වාචක
වි. අර්ථයක් ප්රකාශ කරන ; ගෙන දෙන ; පවසන.
වාචකය
නා. අර්ථය පවසන වචනය.
වාචනය
නා. කථනය ; ප්රකාශනය.
වාචනාමග්ග
නා.ප්ර. යමක් කටපාඩමින් පවත්වාගෙන ආ පිළිවෙළ ; කියවාගෙන ආ පිළිවෙළ; වාචනා මාර්ගය.
වාචස්පති
නා.ප්ර. වචනයට අධිපති දෙවියා ; බ්රහස්පති.
වි. වචනයට අධිපති වූ.
වාචසික
වි. වචනය හා සම්බන්ධ ; වචනයෙන් වූ.
වාච්චල්
(කථා.) නා.බහු. 1. විහිළු; කවටකම්.
2. ප්රයෝජනයකින් තොර කතාබහ.
වාච්චි වෙනවා
(කථා.) ක්රි. 1. ලාබෙට ලැබෙනවා.
2. වලංගු වෙනවා ; ස්ථීර වෙනවා.
වාච්ය
වි. කිය යුතු ; ගම්යමාන.
වාච්යාර්ථය
නා. යම්කිසි පදයකට ස්වභාවයෙන් ම හිමි අර්ථය ; වචනයක අභිධා ශක්තියෙන් ලැබෙන අරුත.
වාචාල
වි. බොහෝ සේ කථා කරන ; දොඩමලු.
වාචාලයා
නා. දොඩමලු තැනැත්තා.
වාචාව
නා. වචනය ; කථාව ; කීම.
වාචික
වි. වචනයෙන් ප්රකාශ කරන ; වචනයට අයත්.
වාචිකය
1. නා. වචන භාවිතයෙන් පෙන්වන දැය.
2. නාට්යයෙහි සංවාද ගායනා ආදියෙන් දක්වන අභිනය ; අර්ථ ප්රකාශය.
වාචී
වි. වචනයෙන් ප්රකාශිත.
වාචුග්ගත
වි. වාචෝද්ගත බ.