සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1487

වාචෝද්ගත

1. වි. කටින් ප්‍රකාශ කළ , වචනයෙන් උපදවන ලද.
2. කටපාඩම් කරන ලද ; වනපොත් කරන ලද.

වාජපේය

නා.ප්‍ර. බිලි පූජා සහිත බ්‍රාහ්මණ යාගයක්.

වාජ්ජම

(කථා.) නා. වාද්‍ය භාණ්ඩ ; තූර්ය භාණ්ඩ.

වාජිකරණය

නා. ශක්තිය වර්ධනය කිරීම ; සෞම්‍ය ධාතු වර්ධනය.

වාජිරාජ

නා.ප්‍ර. අශ්ව නායකයා ; අශ්ව රාජයා.

වාජිරිය

නා. පුරාණ භාරතයේ පැවති බෞද්ධ නිකායක් ; වාජිරිය නිකාය.

වාට්ටුව

නා. ආරෝග්‍ය ශාලාවෙහි ලෙඩුන් නතර වී ප්‍රතිකාර ලබාගන්නා ශාලාව ; රෝහලේ එක් වෛද්‍යවරයකුට භාර කොටස.

වාටිය

නා. අද්දර ; ගැටිය ; කෙළවර ; රෙදි ආදියෙහි අයින.

වාඩකරනවා

ක්‍රි. තේ දළු හේ මැරීමට සලසනවා ; තේ දළු ඇඹරිමට පළමු ගෝනි පඩංගුවල තුනීකර යන්ත්‍රානුසාරයෙන් ඒවා වෙත උණුසුම් වායුව ඇතුළුවීමට සලසනවා.

වාඩි ගන්නවා

ක්‍රි. ඉඳගන්නවා ; වාඩිවෙනවා ; අසුන්ගන්නවා.

වාඩිය

නා. තාවකාලික නවාතැන් පොළ ; කුලීකරුවන් ඉඳුම් හිටුම් ගන්නා පැල්පත් සහිත ස්ථානය.

වාඩුව

(කථා.) නා. එකට එක කිරීම ; පළි ගැනීම.

වාණය

1. නා. ඊ තලය.
2. තෘෂ්ණාව.

වාණි

1. නා.ප්‍ර. වචනයට අධිපති දෙව්දුව ; සරසවි දේවිය.
2. වචනය ; වදන.

වාණිජ

වි. වෙළඳාම පිළිබඳ ; ව්‍යාපාරික.

වාණිජයා

නා. වෙළෙන්දා ; ව්‍යාපාරිකයා.

වාණිජ්‍යය

1. නා. වෙළඳාම මිලට ගැනීමේ විකිණීමේ කාර්යය.
2. වාණිජ්‍ය ව්‍යාපාරය හා සම්බන්ධ ශිල්පය.

වාත උෂ්ණත්වමානය

නා. වාතයේ ඇති උෂ්ණත්වය මැනීම සඳහා යොදාගන්නා උපකරණය.

වාත කපොල්ල

නා. වාතය ඇතුළුවීම හෝ පිට වීම සඳහා ඇති සිදුර ; වා කවුළුව.

වාත මාර්ගය

1. නා. සුළඟ පිට වන හා ඇතුළු වන දොරටුව ; සුළං දොර.
2. අහස ; නුබ ගැබ.

වාත මුඛය

නා. සුළඟ හමන දිසාව ; සුළං අත.

වාත රක්තය

නා. ශරීර වාතය කිපීමෙන් ලේ දූෂණය වීමෙන් හට ගැනෙන රෝගය ; රක්තවාතය.

වාත සොඬනළය

නා. වාතය ගෙනයාම සඳහා යොදනු ලබන ඇත් සොඬයකට සමාන රූපයක් ඇති නාලය.

වාතකාමි

වි. මලකින් මලකට සුළඟින් පරාග යැවෙන.