සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1488
වාතකුටීරය
නා. වාතය තැන්පත් වී ඇති හෝ වාතය තැන්පත් වන ඉතා කුඩා කුහර හෝ කෝෂ.
වාතකුසිම
නා. සුළං පුරවා සකසා ගත් කොට්ටය.
වාතකෝෂය
නා. පෙනහළු තුළ වාතය පිරෙන ඉතා කුඩා මලු හෙවත් කෝෂ.
වාතගෝලය
නා. පෘථිවිය ඇතුළු ග්රහ තාරකා සහ තාරකා වටා ගැවසී පවතින වායු කදම්බය ; වායුගෝලය.
වාතජ
වි. වාතයෙන් හටගන්නා වූ ; වාතයෙන් උපදිනා වූ.
වාතධාරාව
නා. වාත ප්රවාහය ; යම් දිශාවකට අඛණ්ඩව ගලා යන වේගවත් සුළඟ ; වා දඟර.
වාතධාරිතාව
නා. වාතය අල්ලන ප්රමාණය ; අඩංගු විය හැකි වාතයේ බර.
වාතනය
නා. වායුවක් සමඟ මිශ්ර කිරීම හෝ මිශ්ර වීම ; වාතය කැවීම ; වායුවේ ක්රියාවලියට භාජන කරවීම.
වාතනළය
නා. වාතය ගමන් කරන සිලින්ඩරාකාර නාලය ; සුළං පයිප්පය.
වාතනාලී පරීක්ෂණ කණ්ණාඩිය
නා. වාතය ගමන් කරන නාලිකා පරීක්ෂා කිරීම සඳහා භාවිත කෙරෙන කණ්ණාඩිය.
වාතපටලය
නා. වාතයෙන් සෑදුණු සිවිය.
වාතපරාගණය
(පාරිභා.) නා. (උද්භි.) සුළඟින් මලක පරාග වෙනත් මලක කලඞ්කය කරා පැමිණවීමෙන් සිදුවන පරාග පෝෂණය.
වාතපරිරෝධක
(පාරිභා.) වි. වාතයට ඇතුළු විය නොහැකි වන සේ සැකසුණු ; සුළඟ නොපිවිසෙන.
වාතපානය
නා. ගෙයක සුළං එන විවරය ; ජනේලය.
වාතපිත්තජ
වි. වාතය පිත කෝපවීමෙන් හටගත් ; වා පිත් දෙකින් ජනිත.
වාතපිහිර
නා.ප්ර. සිදුරකින් වේගයෙන් නිකුත් කෙරෙන වායු ධාරාව ; වාතචංචුව.
වාතබුබුල
නා. ජල බින්දුවක වාතය පිරීමෙන් ඇතිවන තුනී දිය සිවියකින් යුත් ගෝලය ; දිය බුබුල.
වාතමණ්ඩලය
නා. කරකැවෙමින් හමන සැඩ සුළඟ ; චක්ර වාතය ; සුළිසුළඟ.
වාතමිග
නා.ප්ර. පවනට බඳු වේගයෙන් දිවීමට හැකි මුව වර්ගය.
වාතය
1. නා. පෘථිවිය වටා පැතිර ඇති අප ආශ්වාස ප්රශ්වාස කරන වායු සංයෝගය.
2. චලනය වන වායුව.
3. ශරීරගතව පවත්වා ත්රිදෝෂවලින් එකක්.
4. ගුදයෙන් නික්මෙන වායුව ; අධෝ වාතය.
වාතය අල්ලනවා
ක්රි. (වී) හුළං කරනවා ; පවන් අල්ලනවා ; බැත පාහිනවා ; කතිරෙ අල්ලනවා.
වාතය උරනවා
ක්රි. ඇතුළට ඇද ගන්නවා ; හුලං බීගන්නවා.
වාතරපාසය
නා. සමතල මාපය ; ලෙවලය ; ; තිරස් බව දැනගැනීම පිණිස භාවිත කරන උපකරණය.
වාතවලාහක
නා.ප්ර. වාතයට අධිපති යයි සැලකෙන දෙවි ; සමීරණ දෙවි ; හුළඟට අධිපති දෙවි.